Connect with us

පුවත්

බිග් මැච් වාහන පෙලපාලියක ගිය සිසුන් දෙදෙනෙක් මරුට

Published

on

බදුල්ල ඌව මහ විදුහල සහ ධර්මදුත මහ විදුහල අතර පැවති ක්‍රිකට් තරගය අතර පැවති වාහන පෙලපාලියක කැබ් රථයක් පෙරලීමෙන් එහි ගමන් කළ සිසුන් දෙදෙනකු මියගොස් තවත් හත් දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

තුවාලකරුවන් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ.

ක්‍රිකට් තරගය පවතින අතරතුර ක්‍රීඩාංගනය වටා රථ පෙළපාලිය ගමන් කරන අතරතුර මෙම අනතුර සිදුව තිබේ.

බදුල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පුවත්

ඇමැති විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරණයට?

Published

on

By

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නයි තමන්ට පාර්ශව ගණනාවකින් ඉල්ලීම් ලැබී ඇතැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන් ඒ පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ බහුතර සාමාජිකයන්ද එම ඉල්ලීම ඉදිරිපත් කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

“මගෙන් ඉල්ලම් කරලා තියෙනවා කණ්ඩායම් විශාල සංඛ්‍යාවක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන අති බහුතරයක් දෙනා ඒ ඉල්ලීම කරලා තියෙනවා. ඒ වගේම අපේ ගෞරවනීය මහා සංඝරත්නය, අනෙක් ආගම්වල නායක තුමන්ලා ඒ ඉල්ලීමම කරලා තියෙනවා. ඒ පිළිබඳ තවදුරටත් කල්පනා කරලා මම ඉදිරි සති කිහිපය තුළ තීන්දුවක් ගන්න ඉන්නේ.”

“අද අපේ රටේ තිබෙන කිසිම දේශපාලන පක්ෂයක් පිළිබඳව ජනතාවට කිසිදු විශ්වාසයක් නැහැ. ඒ නිසා ඉදිරි මැතිවරණය බොහොම වෙනස් මැතිවරණයක්, ඒ වගේම තීරණාක්මක මැතිවරණයක්. පක්ෂය බලලා ඡන්දය දෙන ඡන්දදායකයෝ ඉදිරියේදී නෑ. ඉදිරිපත්වන පුද්ගලයා අනුව තමයි ඡන්දය දීමට ජනතාව කල්පනා කරන්නේ.”

Continue Reading

පුවත්

ඊලොන් මස්ක්ගේ හදිසි තීරණය

Published

on

By

ටෙස්ලා විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවල සේවය කරන සේවකයින්ගෙන් යම් ප්‍රතිශතයක් සේවයෙන් ඉවත් කිරීමට එම සමාගමේ හිමිකරු ඊලොන් මස්ක් තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි අකමැත්තෙන් වුවත් එම තීරණය ගැනීමට සිදුවන බව ඊලොන් මස්ක් ප්‍රකාශ කර ඇත.

වෙළෙඳපොළ වටිනාකම අනුව ලොව විශාලතම මෝටර් වාහන නිෂ්පාදකයා වන ටෙස්ලා සමාගම ට සම්බන්ධව ලොව පුරා පසුගිය දෙසැම්බර් මාසය වනවිට සේවකයින් 140,473ක් සේවය කළහ.

ඒ අනුව මෙම පිරිසෙන් 10%ක් ඉදිරියේ දී සේවයෙන් ඉවත් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

තරුණයෙකුට වෘෂණ කෝෂයක් අහිමි කළ පොලිස් නිලධාරීන් යළි රිමාන්ඩ්

Published

on

By

තරුණයෙකුට වෘෂණ කෝෂයක් අහිමි කළ සිද්ධියට මැදි වූ මැදවච්චිය පොලීසියේ නිළධාරින් දෙදෙනා යළි රක්ෂික බන්ධනාගාර ගතකර ඇත.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා සිදුකළ පහරදීමක් හේතුවෙන් සිය පුතුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදුවූ බවට ඔහුගේ මව කළ චෝදනාවට අදාළ නඩුව අද (16දා) මැදවච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.

මැදවච්චිය මහේස්ත්‍රාත් ඉමේෂා මධුභානි ධර්මදාස නියෝග කර ඇත්තේ, මෙම මස 24 වනදා මෙම නඩුව නැවත කැඳවන තෙක් සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

එමෙන්ම අදාළ  සිද්ධියට සම්බන්ධ සියලුම පරීක්ෂණ සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසත් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

පසුගිය 07 වැනිදා මැදවච්චිය පොලිස්බල ප්‍රදේශයේදී මැදවච්චිය පොලීසියේ රථවාහන අංශයට අනියුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු අදාළ තරුණයාට පහරදී බරපතල තුවාල සිදුකර ඇති අතර, ඒ හේතුවෙන් පහර කෑ තරුණයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කලේය. එහිදී ශල්‍යකර්මයක් මගින් එක් වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට සිදුවිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved