මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය ප්‍රදේශයේ දී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වේ. ඒ ඔහු, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ රාජකාරියට බාධා කිරීම යන වරද හේතුවෙනි. අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.