මහනුවර – මහියංගනය මාර්ගය තාවකාලිකව වැසේ

මහනුවර – මහියංගනය මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ගෙන තිබේ. අද (20) පස්වරු 6:00 සිට එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත. කහටගොල්ල ප්‍රදේශයේ 44/1 කිලෝමීටර් කනුව අසල ගල් කඩාවැටීමේ අවධානමක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.