Connect with us

පුවත්

මහාභාරකාර තනතුරට ගිහාන් පිලපිටිය නම් කරයි!

Published

on

පුරප්පාඩුව පවත්නා මහා භාරකාර තනතුරට කුලියාපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා පත්කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අගවිනිසුරුවරයා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිසම විසින් ගිහාන් පිලපිටිය මහතා මහාධිකරණ සේවයෙන් නිදහස් කර ඇතැයි වාර්තා වේ.

අභිනව මහා භාරකාර තනතුරට පත්කෙරෙන ගිහාන් පිලපිටිය මහතා රත්නපුර පර්ගසන්, බණ්ඩාරවෙල ශාන්ත තෝමස් හා මහනුවර ධර්මරාජ විද්‍යාලවල ආදි ශිෂ්‍යයෙකි.

අනතුරුව කොළඹ සරසවියෙන් නීතිය පිළිබඳ උපාධිය (LLB) ලබා වර්ෂ 1999 නීතිපති දෙපාර්තමේන්තුවට එක්වූයේ රජයේ නීතිඥයකු වශයෙනි.

වසර 2003 දී මහේස්ත්‍රාත්වරයකු ලෙස අධිකරණ සේවයට පැමිණි හෙතෙම මහේස්ත්‍රාත් දිසා විනිසුරු හා මහාධිකරණ විනිසුරුවරයකු ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල වසර 20ක් සේවය කර තිබේ.

ගිහාන් පිලපිටිය මහතා මහා භාරකාර ධූරයට පත්කිරීම සිදුවන්නේ අමාත්‍ය මණ්ඩලයේ විශේෂ තීරණයක් අනුවය.

මේ හැර පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් ගණනාවකට ඉදිරි දෙසතිය තුළ මහාධිකරණ විනිසුරු පත්වීම් හිමිවන බවද මේ අතර වාර්තා වේ.

පුවත්

විගමන ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදීම අත්හිටුවලා; දැන් වාහන ගේන්නේ කවුද?

Published

on

By

විදෙස්ගත ශ්‍රමිකයන් සදහා වන විද්‍යුත් වාහන ආනයන සඳහා අලුතින් බලපත්‍ර ලබාදීම මේවන විට අත්හිටුවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංයේ ප්‍රකාශිකාවක කියා සිටියාය.

ඇය වැඩිදුරටත් කියා සිටියේ ඉකුත් වසරේ ඔක්තෝබර් 31 වැනිදායින් පසුව විද්‍යුත් වාහන ආනයන සඳහා අලුතින් බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති බවයි.

කෙසේවුවද, එම කාලයට පෙර විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබාගෙන සිටි විගමනික ශ්‍රමිකයනට වාහන ගෙන්වා ගැනීම සඳහා පමණක් ණයවර කාලය දිගු කර ඇතැයි ද ඇය පැවසුවාය.

2023 බලපත්‍ර ලාභී වාහන ලියාපදිංචිය 70 යි – මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්

මේ අතර, අප පසුගිය කාලයේ විගමනික ශ්‍රමිකයන් සදහා වන විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබා ගිමින් මෝටර් රථ කීයක් මෝටර් රථ ප්‍රවාන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත්දැයි එහි කොමසාරිස් ජනාරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතාගෙන් ශ්‍රී ලංකා මිරර් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ ගිය වසරේ (2023) එවැනි මෝටර් රථ 79ක් පමණ ලියාපදිංචි කර ඇති බවයි.

කෙසේවුවද, පසුගිය මාස 4ක පමණ කාලය තුළ ද තවත් මෝටර් රථ 20කට ආසන්න ප්‍රමාණයක් ලියාපදංචි කර ඇති බවද ඔහු කීය.

විදසේගත ශ්‍රමිකයන් 900කට කාර් පර්මිට් දුන්නා – ඇමති මනූෂ

කෙසේවුද, ඉකුත් ඇයවැය විවාද අතරේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා කියා සිටියේ විදෙස්ගත ශ්‍රමිකයන් සදහා වන විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර දල වශයෙන් 900ක් නිකුත් කර ඇති බවයි.

අයවැය ඉදිරිපත් කර මේ වන විට මාස 4කට වැඩි කාලයක් ගතව ඇතත්ත අදාළ මෝටර් රථ තවමත් ලංකාවට ආනයනය කර නොතීබීම ගැටලු සහගත බව ව්‍යාපාරික කේෂත්‍රයේ ප්‍රවීනයෝ කියා සිටිති.

Overland කෙරුවාව 

මේ අතර, විදෙස්ගත ශ්‍රමිකයන් සදහා වන විද්‍යුත් වාහන ආනයනට පළමු බලය ලත් මෙරට නියෝජිතයා ලෙස පත් කෙරුණු දහම් පෙරේරා මහතාට අයත් ඕවර්ලෑන්ඩ් ඔටෝ මොබයිල් පුද්ගලික සමාගම (Overland Automobiles Pvt Ltd) විසින් සාමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පලකරමින් අලෙවි කරනු ලබන මෝටර් රථ සම්බන්ධයෙන්ද සොයා බැලීමක් සිදු කළ‍ේය.

මුලින්ම එම දැන්වීම් වල ඇති විදුලි මෝටර් රථයක් මිලදී ගැනීමට එහි සදහන්වල දුරකථන අංකයකින් අප විමසීමසීමක් කළ අතර දුරකථනයට පිළිතුරු දුන් කාන්තාව මුලින්ම විමසා සිටියේ වාහන ගනේවීමට බලපත්‍රයක් ඇත්දැයි කියාය.

ඊට පිළිතුරු වශයෙන් අප එවැනි බලපත්‍රයක් නොමැති බවත්, එවැනි බලපත්‍රයක් නොවන්නේ නම් විද්‍යුත් මෝටර් රථයක් මිලදී ගැනීමට නොහැකි දැයි විමසීය.

ඊට පිළිතුරු ලෙස කාන්තාව කියා සිටියේ එවැනි බලපත්‍රයක් නැතත් විදුලි මෝටර් රථයක් මිලදී ගත හැකි බවයි.

පසුව අප එහි වූ MG4 මෝටර් රථය කීයක් වනවාදැයි විමසා සිටියේය. පිළිතුරු ලෙස කාන්තාව කියා සිටියේ අපට MGX වර්ගයේ මෝටර් රථයක් රුපියල් මිලියන 210කට ලබාදිය හැකි බවයි.

එවිට අපි අපගේ නමටම එය ලියා පදිංචි කර ගත හැකිදැයි විමසා සිටි අතර ඊට පිළිතුරු ලෙස ඇය කියා සිටියේ එයද කළ හැකි බවයි.

එසේ කිරීමට නම් අදාළ මෝටර් රථයේ පිරිවැය, රක්ෂණය සහ භාණ්ඩ ප්‍රවාහන (CIF) වටිනාකම‍ට (Cost, Insurance, And Freight (CIF) Value) අදාළව 10% ක බදු මුදලක් මෝටර් රථ ප්‍රවාන දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බව කියා සිටියාය.

ඒ අනුව අපි MGX වර්ගයේ මෝටර් රථයක CFI වටිනාකම විමසා සිටියේය. එවිට ඇය පැවසුවේ එය අ‍ැමෙරිකානු ඩොලර් 21,000ක් පමණ වනු ඇති බවයි.

එසේ නම් එහි දළ වටිනාකම රුපියල් ලක්ෂ 63 කි. එසේ නම් අදාළ ආයතනය පවසන මිලියන 210 න් ලක්ෂ 63ක් අඩුවූ පසුව ඉතිරිවන 14,700,000 ක මුදලට සිදුවන්නේ කුමක්ද, ඒ සම්බන්ධයෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තාවනවාද යන්න පිළිබඳව ද සැක මතුවෙයි.

වාහන ගෙන්වීමේදී අක්‍රමිකතා වෙලා – හර්ෂ

මේ අතර, විදෙස් ශ්‍රමිකයන් සඳහා විද්‍යුත් වාහන එකසිය පනහක් ගෙන්වීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව, රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී කීය. 

ඒ මහතා එසේ කියා සිටියේ පසුගිය අප්‍රේල් 01 වැනිදා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවක් ඉදිරිපත් කරමිනි.

මේ සම්බන්ධයෙන් නිලධාරීන් පාර්ලිමේන්තු කමිටුව නොමග යැවූ බව තහවුරුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු එහිදී කීය.

Continue Reading

පුවත්

මොන මැතිවරණේ ආවත් සජබෙ ජය පැහැදිලියි – පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

Published

on

By

කවර ආකාරයක මැතිවරණයක් පැවැත්වූවත් සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කරයි.

“සමගි ජන බලවේගය වටා සියලු දෙනා එකතු වෙලා සමගි ජන බලවේගයේ රජයක් පාර්ලිමේන්තු ඡන්දයක් තිබ්බොත් පිහිටුවනවා. ජනාධිපති ඡන්දයක් තිබුනොත් සජිත් ප්‍රේමදාස මැතිතුමා අනිවාර්යෙන් ජනාධිපති වෙනවා. කොහේට එහාට මෙහාට යනවා දැක්කත් ඒක තමා අවසාන ප්‍රථිඵලය.

ගමන ඉතාම පැහැදිලියි. ජයග්‍රහණය පිළිබඳ කිසිදු සැකයක් නොමැතිවන ලකුණු පහළ වෙමින් පවතිනවා.”

Continue Reading

පුවත්

පොළොන්නරුවේදී අලි පැටවෙක් මරා දමයි

Published

on

By

පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු ප්‍රදේශයේ අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ අලි පැටවෙකු මියගොස් තිබේ.

අසාධ්‍ය තත්ත්වයේ සිටි මෙම අලි පැටවා වැලිකන්ද වනජීවි නිලධාරීන් විසින් ඊයේ (15) සොයා ගනු ලැබූහ.

හක්ක පටස් ආහාරයට ගැනීමෙන් සත්ත්වයා මෙලෙස අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇති බව වනජීවි නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී.

ප්‍රතිකාර කිරීම වෙනුවෙන් වැලිකන්ද වනජීවි කාර්යාලය වෙත රැගෙන ආ අලි පැටවා පසුව මියගොස් තිබේ. 

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු දෙකක් පමණ වයස වූ අලි පැටවෙකි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved