Connect with us

පුවත්

මැතිවරණ කොමිසමේ සිටි ප්‍රින්ස් ඉල්ලා අස්වෙයි!

Published

on

මැතිවරණ කොමිසමේ සාමාජිකා ප්‍රින්ස් සරෝජනී මන්මතරාජා චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වීමට අදාළ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇතැයි වාර්තා වේ.

මේ අතර මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම් පත් කැඳවීම සඳහා අද (25) රැස් වූ ව්‍යවස්ථාදායක සභාව ද තීරණය කර තිබිණි.

පුවත්

පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක්

Published

on

By

 පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මඟින් ලැබුණු ආහාර ද්‍රව්‍ය බෙදා දීම ඇරඹේ 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත  ආරම්භ කළ පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින්  ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර  ගබඩා පරිශ්‍රයේදී අද (19) ආරම්භ කෙරිණි.

පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් සබලකරණය කරන ලද සහල් (Fortified  Rice)  පාසල් ආහාර වේල සඳහා ලබාදීම සිදු කරනු ලබන අතර ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ  අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්.රිෆ්ලාන් මහතාගේ අධීක්ෂණයෙන් මෙම බෙදාහැරීමේ කටයුතු සිදු කෙරේ.

ඒ අනුව පළමු අදියර යටතේ පළාත් මට්ටමින් සහල් මෙට්‍රික් ටොන් 735ක් නිකුත් කිරීම අද ආරම්භ වූ අතර එය හෙට (20) දිනයේද ක්‍රියාත්මකය. අදාළ ප්‍රදේශයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ මෙම සහල් තොගය පාසල් වෙත භාරදීම සිදු කරයි.

මේ අතර ලබන මැයි 19 වන දින නව පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසුව පරිප්පු මෙට්‍රික් ටොන් 378.835ක්, සන්ෆලවර් පිසින තෙල් මෙට්‍රික් ටොන් 412.08ක්, රට ඉඳි මෙට්‍රික් ටොන්300ක් ද පාසල් වෙත බෙදා දීමට නියමිත බව ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ  අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්.රිෆ්ලාන් මහතා පැවසීය. 

දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ම පාසල් සිසුන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර දිනපතා පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙයි.

“නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්” යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු ඉටු කරගැනීමට අපේක්ෂිත ය.

රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජුවම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDIA) ඇතුළු තවත් සංවිධාන කිහිපයක් විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබයි.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-04-19

Continue Reading

පුවත්

විභාග ප්‍රතිඵල නිකුත් වේ

Published

on

By

අද (19) දින ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බදවා ගැනීම සදහා පසුගිය වසරේ පැවති සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවිය.

විභාගය සමත් වු අයදුම්කරුවන් 735 දෙනෙකුගේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ  https://www.doenets.lk වෙබ් අඩවියට ඇතුලත් කර ඇති බව පැවසේ.

මේ අතරින් ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුකම් ලැබූ පිරිස අධ්‍යාපන පරිපාලන සේවයට බදවාගැනීමට නියමිතය.

Continue Reading

පුවත්

තෙල් මිල ඉහළට?

Published

on

By

දිනෙන් දින වර්ධනය වෙමින් පවතින මැදපෙරදිග යුධ උණුසුම සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 100 දක්වා ඉහළ යනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් විසින් මත පළ කරනු ලබයි.

ඔවුන් ප්‍රකාශ කරන පරිදි ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉන්ධන ප්‍රවාහන නෞකා ගමනාගමනයට බාධා කළහොත් මේ තත්ත්වය තවත් ගැටලු සහගත වනු ඇත.

මේ වනවිටද ඊශ්‍රායලය සහ ඉරානය අතර, උණුසුම මේ වනවිටත් පහළ ගොස් නොමැත.

ලොව දෛනික ඉන්ධන පරිභෝජනයෙන් 5න් 1ක් මැද පෙරදිග අපනයනකරුවන්ගෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරේ.

මේවන විට ලෝක වෙළදපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 90 මට්ටමේ පවතින අතර, යම්හෙයකින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් බොරතෙල් ඩැරලයක් ඩොලර් 130 දක්වා ඉහළ යාමේ අවධානමක්ද පවතින බව ආර්ථික විශ්ලේෂකයන් විසින් පෙන්වා දෙයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved