Connect with us

පුවත්

මෙරට වායු දූෂණය ඉහළට

Published

on

කොළඹ ඇතුළු මෙරට ප්‍රධාන නගර කිහිපයක වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය, සෞඛ්‍යයට අහිතකර මට්ටමක් වන 150 – 200 ත් අතර අගයක පවතින බවයි.
සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමග ඉන්දියානු අර්ධද්වීපයේ ඇති දූවිලි අංශු මෙරටට ගලාගෙන ඒම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වූ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශයේ අධ්‍යක්‍ෂ සරත් ප්‍රේමසිරි මහතා පවසා තිබේ.

මේ හේතුවෙන් කොළඹ අහස මීදුම් වැනි දුමාරයකින් වැසී ගොස් තිබෙන අයුරු ඊයේ දිනයේදීද දිස් විය.

හැකි තාක් එළිමහනට නොගොස් නිවෙස් තුළ සිටීමෙන් හා නිවසින් බැහැරව යන විටදී මුඛ ආවරණයක් පැළඳීම සුදුසු බව විශේෂඥ වෛද්‍ය මතයයි.

පුවත්

ලංකාවේ සිට ඉන්දියාවට පිහිනූ සිටි පුද්ගලයෙකු මරුට

Published

on

By

ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පිහිනමින් සිටි පුද්ගලයෙකු අද (23) හෘදයාබාධයකින් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි ගෝපාල් රාඕ නැමති ඉන්දීය ජාතිකයෙකු වන අතර, ඔහු කර්නාටක ප්‍රාන්තයේ වැසියෙකි.

31 දෙනෙකුගෙන් සමන්විත පිහිණුම් කණ්ඩායමක් මෙම සහය පිහිනුම් ඉසව්ව සඳහා බෝට්ටුවෙන් මෙරටට පැමිණ ඇති අතර, අද අලුයම ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව දක්වා පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඔවුන් පිහිනීම අරඹා තිබුණි. තරගය මධ්‍යයේදී රාඕ මහතා සංවිධායකයින් වෙත දැනුම්දී ඇත්තේ තමන් ශ්වසන අපහසුතාවයකින් පසුවන බවයි.

පිහිනුම්කරුවන් සමග ගමන් කරමින් තිබූ බෝට්ටුවට ඔහුව වහාම නංවාගෙන තිබුණද, ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා පසුව පවසා තිබුණේ රාඕ මහතා මියගොස් ඇති බවයි.

මේ සමග, පිහිනුම් ඉසව්ව අවලංගු කළ එහි සංවිධායකයන්, පිහිනුම්කරුවන්ව යළිත් බෝට්ටුවට නංවාගෙන  ඉන්දීයාව වෙත ගොස් තිබේ.

(මූලාශ්‍රය : ද හින්දු)

Continue Reading

පුවත්

ලක්ෂ 25ක් ලංකාව හැර රට ගිහින් –  බීබීසීය කියයි

Published

on

By

ශ්‍රී ලංකිකයන් ලක්ෂ 25 ඉක්මවූ පිරිසක් වසර 2ක් තුළ විවිධ හේතු මත රට හැර ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්තුමය වාර්තාවලින් තහවුරුවීමත් සමඟ ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමුවී ඇතැයි  “බීබීසී නිවුස් සිංහල” වාර්තා කර තිබේ.

පසුගිය 2022 සහ 2023 වසර දෙක තුළදී එසේ රට හැර ගොස් ඇති සංඛ්‍යාව 2,565,365 දෙනෙකු වන අතර එයින් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ 608,925ක් දෙනෙක් පමණක් බවද පැවසේ.

මෙම සංඛ්‍යා දත්ත හෙළිවීමෙන් පසුව බීබීසී සිංහල වෙබ් අඩවිය තබන ලද විස්තර වාර්තාව පහත දැක්වේ.

Continue Reading

ඡායාරූප සටහන

ජවිපෙ හා චීන කොමියුනිස්ට් ලොක්කන් අතර සාකච්ඡාවක් (ඡායා)

Published

on

By

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරිය වන සුන් හයියාන් (Sun Haiyan) ඇතුළු දූත පිරිසක් අද (23) පෙරවරුවේ පැලවත්ත‍ේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නායකයින් හමුවූහ.

මෙම දෙපිරිස අතර පැවති මූලික සාකච්ඡාවලදී ඉදිරි මැතිවරණයක් සඳහා ජාතික ජන බලවේගයේ පූර්ව සූදානම සහ රට අර්බුදකාරී තත්වයෙන් ගොඩ ගැනීම සඳහා දේශපාලන ස්ථාවරභාවය ඇති කර ගැනීම මූලික කර ගෙන සාකච්ඡා කළ බව ජාතික ජන බලවේගය නිවේදනය කර තිබේ.

ඔවුන්ගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මැතිවරණයක් සඳහා ජාතික ජන බලවේගය අනුගමනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග හා උපායමාර්ග පිළිබඳවත් නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්වයෙන් රට ගොඩගැනීම සඳහා මූලිකව දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ ඇති කිරීමේ වැදගත්කම ජාතික ජන බලවේගයේ නායකයින් විසින් පෙන්වා දුන් බවයි.

ඒ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවෙයි 

අද (23) පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හමුවිය. 

චීන දූත මණ්ඩලය වෙනුවෙන් මෙම හමුවට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරක සභික Sun Haiyan, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Lin Tao, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කවුන්සලර් Chen Xiangyuan, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Li Jinyan, නියෝජ්‍ය අධ්‍යක්ෂ Wen Jun නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ලේකම් Jin Yan, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙ තෙවැනි ලේකම් Jin Enze හා භාෂා පරිවර්තක Zhang Guyu යන මහත්ම මහත්මීහු සහභාගි වූහ. 

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික විධාය සභිකයින් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, සුනිල් හඳුන්නෙත්ති යන අයද එක්ව සිටියහ. 

මෙම හමුවේදී වත්මන් දේශපාලන තත්වය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සහ වර්ධනය විය හැකි දේශපාලන තත්වයන් පිළිබදව විශේෂයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා කෙරිණි. මැතිවරණයක් සඳහා ජාතික ජන බලවේගයේ සූදානම, ඒ සඳහා අනුගමනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග හා උපායමාර්ග පිළිබඳවත් නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්වයෙන් රට ගොඩගැනීම සඳහා මූලිකව දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ ඇති කිරීමේ වැදගත්කම ජාතික ජන බලවේගයේ නායකයින් විසින් පෙන්වා දෙන ලදී. 

ජාතික ජන බලවේගය දේශපාලන ක්ෂේත්‍රය තුළ වේගයෙන් වර්ධනය වෙමින් මහජනතාවගේ ජනප්‍රියත්වය හා ආකර්ෂණය අත් කර ගැනීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග සහ සංවිධාන ව්‍යුහයන් පිළිබඳව චීන දූත පිරිසේ අවධානය යොමු විය. 

විවිධ ජන කණ්ඩායම්, සමාජ ස්ථරයන් හා විදේශගත ලාංකිකයින් සමග පවතින සම්බන්ධතාවයන්, රට ගොඩනැගීමේදී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති, පක්ෂ ව්‍යුහයන් මහජනතාව සමඟ පවතින සංවාදය පිළිබඳව මෙහිදී ජාතික ජන බලවේගයේ නායකයෝ චීන දූත පිරිසට අවධාරණය කළහ. 

චීන කොමියුනිස්ට් පක්ෂය සමග ඇති අන්‍යෝන්‍ය විශ්වාසය, සමාජ සංස්කෘතික සබඳතා හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ තවදුරටත් වර්ධනය කර ගැනීම හා ආර්ථිකය සංවර්ධනය කිරීමේදී එම සබඳතා යොදාගත හැකි ආකාරය පිළිබඳවත් දෙපාර්ශ්වය අතර වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි. 

මෙම හමුවට පෙර මහරගම පැවැති ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේදී චීනයේ දූත පිරිස ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය නායකයින් සමඟ පක්ෂයේ දිස්ත්‍රික් මට්ටමේ සහ කොට්ඨාශ මට්ටමේ දේශපාලන ක්‍රියාකාරිත්වයන් සමබන්ධයෙන් විශේෂ සාකච්ඡාවක නිරත විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved