Connect with us

පුවත්

රූපවාහිනියෙන් අජන්ත එළියට: නිපුන ඇතුළට

Published

on

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අලුත් අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කිරීම සඳහා අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ මෙතෙක් එහි සේවය කළ අජන්ත සෙනෙවිරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟය.

කෙසේවුවද, අජන්ත මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිසි ආකාරයට ලබා නොදීම නිසා ගැටලුවක් මතුව තිබූ අතර මේවන විට එය ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලැබීමත් සමඟ ඒ ගැටලුව අවසන්වී ඇතැයි පැවසේ.

සෙනවිරත්න මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකළ යුතු පුද්ගලයා සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොවීම නිසා ඔහු එය ලබාදී තිබුණේ රූපවාහිනියේ සභාපතිවරයා වෙතය.

සාමාන්‍යයෙන් අදාළ ධූරය සඳහා පත් කිරීම් සිදුකරනු ලබන්නේ විශයභාර අමාත්‍යවරයා විසින් වන අතර ඒ අනුව එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි බාරදිය යුතුවන්නේ අමාත්‍යවරයාට හෝ අමාත්‍යංශ ලේකම්වරයාටය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අලුත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරයකු වන නිපුන වාහලතන්ත්‍රීගේ මහතා පත් කිරීමට නියමිත බව මේ අතර වාර්තා වේ.

ඒ මහතා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයකු වන ඒ මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ පශ්චාත් ඩිප්ලෝමාධාරියෙකි.

ජාත්‍යන්තර වෙළඳ ව්‍යාපාර හා කළමනාකරණ පිළිබඳ බ්‍රිතාන්‍ය බකින්හැම් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇති ඔහු මූල්‍ය අපරාධ විමර්ශනය හා ජාත්‍යන්තර මූල්‍ය හා ගනුදෙනු නියාමනය පිළිගත් ප්‍රවීනයෙකි.

අජන්ත සෙනවිරත්න මහතා සභාපතිවරයා වෙත යොමු කළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පහත දැක්වේ.

පුවත්

ආරවුල විසඳන්න හෙට රැස්වීමක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා රැස්වීමක් හෙට (25) පස්වරු 3.00ට  කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා පැවසීය.

ඒ අනුව ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන  සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරු මේ සඳහා සහභාගි වනු ඇතැයි හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව පැවසූයේ අද ( 24 ) එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ය.

Continue Reading

පුවත්

ඉරානය – ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තියයි (වීඩියෝ)

Published

on

By

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට මීට සුළු මොහොතකට පෙර අත්සන් තබා ඇත.

මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය, මාධ්‍ය, සංචාරක, සමුපකාර, පුස්තකාල, සංස්කෘතික, විද්‍යාත්මක, තාක්‍ෂණික සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ආවරණය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙරට සංචාරයක නිරතව සිටින ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා අද පස්වරුවේදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුවක්ද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර ඉන් අනතුරුව දෙරටේ නියෝජිතයන් අතර ද්විපාර්ශ්වික හමුවක්ද පැවැත්විණි.

(වීඩියෝ : ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

ආනයනික කිරිපිටි මිල අඩුවෙයි

Published

on

By

හෙට (25) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝවක මිල රු. 250ත් – 300ත් අතර මිලකින්ද, කිරිපිටි ග්‍රෑම් 400ක මිල රු. 100ත් – 130ත් අතර මිලකින්ද  පහළ දැමෙනු ඇති බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved