Connect with us

පුවත්

රෝහිත වෙනුවට වෙනත්අයකු විත්තිකූඩුවට නැගලා උසාවියම හිනස්සයි!

Published

on

හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (30) කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් විත්ති කූඩුවට වෙනත් පුද්ගලයකු නැගීමේ සිද්ධියක් වාර්තා වේ.

අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් තිලිණි ගමගේ මහත්මිය විසින් විදේශ ගමන් තහනමක් මීට ඉහතදී පනවා තිබුණි.

අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ නම සඳහන් කළ අතර එහිදී විත්තිකූඩුව වෙත ටී ෂර්ට් එකකින් සැරසුණු මැදිවියේ පුද්ගලයකු ගොඩවිය.

හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට ඩුබායි සහ මැලේසියාවට යෑමට අවශ්‍ය වී ඇති බැවින් විදෙස් ගත වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී අධිකරණ භාෂා පරිවර්තිකාව උස් හඬින් රෝහිත අබේගුණවර්ධන යනුවෙන් පැවැසූ අතර එහිදී අධිකරණයේ සිටි බොහෝ දෙනකුගේ ඇස් යොමුවූයේ විත්ති කූඩුව දෙසටය.

එවිට විත්ති කූඩුවේ සිටියේ හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා නොව අදාළ මැදිවියේ පුද්ගලයාය.

එය දැක අධිකරණ ශාලාවේ සිටි බොහෝ දෙනෙක් සිනාසුනු බව අරුණ අධිකරණ වාර්තාකරුද සිය පුවතෙන් තහවුරු කර තිබේ.

ඉන් අනතුරුව අදාළ පුද්ගලයා විත්ති කූඩුවෙන් ඉවත් කිරීමට ඒ අසල සිටි බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇත.

පුවත්

වඩේ වැඩේ ලෙඩේ වී කොටුවූ සැකකරු

Published

on

By

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දර්ශන පෙළක් අද දෙරණ ඊයේ රට හමුවේ අනාවරණය කළේය.

ඒ අනුව අද දිනයේ මොරගල්ල සංචාරක පොලීසිය වෙත විද්‍යුත් පණිවුඩයක් මගින් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 60 හැවිරිදි වියේ පසුවන කළුතර පළාතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැකකරු එම වෙළෙඳසැල අවට සිටින අයෙකු බවය.

ඔහු නිරන්තරයෙන් මෙලෙස එම වෙළඳසැල වෙත පැමිණෙන විදේශිකයින් රවටා මුදල් ලබාගන්නා බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (19) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සහ මොරගල්ල සංචාරක පොලීසිය පැමිණ වෙළෙඳසැල් හිමියාගෙන් මෙම සිදුවීම පිළිබඳව අද ප්‍රශ්න කර ඇති අතර ඔහුට ද එහිදී දැඩිලෙස අවවාද කර තිබුණි.

(අද දෙරණ)

Continue Reading

පුවත්

ජන බලවේගයෙන් පාස්කු වින්දිතයන්ට යුක්තියේ ප්‍රතිඥාව දෙයි (ඡායා)

Published

on

By

වසර 2019 යේ අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව අගරදගුරු අති උතුහ් මැල්කම් රංජිත් හිමියන්ට පිළිගැන්වීම අද(18) පෙ.ව. 11.00ට බොරැල්ල අගරදගුරු නිල නිවසේදී ජාතික ජන බලවේගයේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

පාස්කු ඉරු දිනයේ කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කරගනිමින් අන්තවාදීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද ම්ලේච්ච මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිතවලට, එම ප්‍රහාරය මගින් අසරණ වූ පවුල්වල සාමාජිකයන්ට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටත් එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අවධාරණය කරන ප්‍රධාන කරුණු 07ක් එම ලියවිල්ලට ඇතුළත්ය. 

 මෙම හමුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, නීතිඥ සුනිල් වටගල, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රොහාන් ප්‍රනාන්දු, අරුණ ශාන්ත නෝනිස් යන අය සහභාගි විය.

Continue Reading

පුවත්

කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු

Published

on

By

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරකථනයෙන් සම්බන්ධ කර දුන් බව කියන මාවතගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකයවරයෙක් සහ දොරටියාව පොලිසියේ සාජන්වරයෙක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

ඩුබාහි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ඩුබායි සම්පත් නැමැත්තකු සමග සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එම උප පොලිස් පරීක්ෂකවරයා සහ සාජන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

රැඳවුන් නියෝග මත සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඩුබායි සිටින සම්පත් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවට ලද තොරතුරකට අනුව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග පරිදි විමර්ශනයක් පවත්වා මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරීන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

(ලංකාදීප)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved