Connect with us

පුවත්

රෝ ලොක්කා හමුවුනා නම් ජනපති කියයි – බන්දුල

Published

on

ඉන්දීය රහස් ඔත්තු සේවයේ (RAW) ප්‍රධානියා ජනාධිපතිවරයා හෝ මෙරට රජයේ බලධාරියෙකු හමුවූ බවට තමා කිසිසේත්ම නොදන්නා බව කැබිනට් ප්‍රකාශක – බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමිනි.

එවැනි හමුවක් පැවතියේ නම් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී ඒ බව දැනුම් දෙනු ඇති බවත්, ජනාධිපතිවරයා කිසිවක් රටට නොසඟවා සියලු තොරතුරු ඉදිරිපත් කරනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

පුවත්

ලක්ෂ 25ක් ලංකාව හැර රට ගිහින් –  බීබීසීය කියයි

Published

on

By

ශ්‍රී ලංකිකයන් ලක්ෂ 25 ඉක්මවූ පිරිසක් වසර 2ක් තුළ විවිධ හේතු මත රට හැර ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්තුමය වාර්තාවලින් තහවුරුවීමත් සමඟ ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමුවී ඇතැයි  “බීබීසී නිවුස් සිංහල” වාර්තා කර තිබේ.

පසුගිය 2022 සහ 2023 වසර දෙක තුළදී එසේ රට හැර ගොස් ඇති සංඛ්‍යාව 2,565,365 දෙනෙකු වන අතර එයින් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ 608,925ක් දෙනෙක් පමණක් බවද පැවසේ.

මෙම සංඛ්‍යා දත්ත හෙළිවීමෙන් පසුව බීබීසී සිංහල වෙබ් අඩවිය තබන ලද විස්තර වාර්තාව පහත දැක්වේ.

Continue Reading

ඡායාරූප සටහන

ජවිපෙ හා චීන කොමියුනිස්ට් ලොක්කන් අතර සාකච්ඡාවක් (ඡායා)

Published

on

By

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරිය වන සුන් හයියාන් (Sun Haiyan) ඇතුළු දූත පිරිසක් අද (23) පෙරවරුවේ පැලවත්ත‍ේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නායකයින් හමුවූහ.

මෙම දෙපිරිස අතර පැවති මූලික සාකච්ඡාවලදී ඉදිරි මැතිවරණයක් සඳහා ජාතික ජන බලවේගයේ පූර්ව සූදානම සහ රට අර්බුදකාරී තත්වයෙන් ගොඩ ගැනීම සඳහා දේශපාලන ස්ථාවරභාවය ඇති කර ගැනීම මූලික කර ගෙන සාකච්ඡා කළ බව ජාතික ජන බලවේගය නිවේදනය කර තිබේ.

ඔවුන්ගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මැතිවරණයක් සඳහා ජාතික ජන බලවේගය අනුගමනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග හා උපායමාර්ග පිළිබඳවත් නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්වයෙන් රට ගොඩගැනීම සඳහා මූලිකව දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ ඇති කිරීමේ වැදගත්කම ජාතික ජන බලවේගයේ නායකයින් විසින් පෙන්වා දුන් බවයි.

ඒ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවෙයි 

අද (23) පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හමුවිය. 

චීන දූත මණ්ඩලය වෙනුවෙන් මෙම හමුවට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරක සභික Sun Haiyan, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Lin Tao, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කවුන්සලර් Chen Xiangyuan, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Li Jinyan, නියෝජ්‍ය අධ්‍යක්ෂ Wen Jun නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ලේකම් Jin Yan, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙ තෙවැනි ලේකම් Jin Enze හා භාෂා පරිවර්තක Zhang Guyu යන මහත්ම මහත්මීහු සහභාගි වූහ. 

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික විධාය සභිකයින් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, සුනිල් හඳුන්නෙත්ති යන අයද එක්ව සිටියහ. 

මෙම හමුවේදී වත්මන් දේශපාලන තත්වය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සහ වර්ධනය විය හැකි දේශපාලන තත්වයන් පිළිබදව විශේෂයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා කෙරිණි. මැතිවරණයක් සඳහා ජාතික ජන බලවේගයේ සූදානම, ඒ සඳහා අනුගමනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග හා උපායමාර්ග පිළිබඳවත් නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්වයෙන් රට ගොඩගැනීම සඳහා මූලිකව දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ ඇති කිරීමේ වැදගත්කම ජාතික ජන බලවේගයේ නායකයින් විසින් පෙන්වා දෙන ලදී. 

ජාතික ජන බලවේගය දේශපාලන ක්ෂේත්‍රය තුළ වේගයෙන් වර්ධනය වෙමින් මහජනතාවගේ ජනප්‍රියත්වය හා ආකර්ෂණය අත් කර ගැනීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග සහ සංවිධාන ව්‍යුහයන් පිළිබඳව චීන දූත පිරිසේ අවධානය යොමු විය. 

විවිධ ජන කණ්ඩායම්, සමාජ ස්ථරයන් හා විදේශගත ලාංකිකයින් සමග පවතින සම්බන්ධතාවයන්, රට ගොඩනැගීමේදී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති, පක්ෂ ව්‍යුහයන් මහජනතාව සමඟ පවතින සංවාදය පිළිබඳව මෙහිදී ජාතික ජන බලවේගයේ නායකයෝ චීන දූත පිරිසට අවධාරණය කළහ. 

චීන කොමියුනිස්ට් පක්ෂය සමග ඇති අන්‍යෝන්‍ය විශ්වාසය, සමාජ සංස්කෘතික සබඳතා හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ තවදුරටත් වර්ධනය කර ගැනීම හා ආර්ථිකය සංවර්ධනය කිරීමේදී එම සබඳතා යොදාගත හැකි ආකාරය පිළිබඳවත් දෙපාර්ශ්වය අතර වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි. 

මෙම හමුවට පෙර මහරගම පැවැති ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේදී චීනයේ දූත පිරිස ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය නායකයින් සමඟ පක්ෂයේ දිස්ත්‍රික් මට්ටමේ සහ කොට්ඨාශ මට්ටමේ දේශපාලන ක්‍රියාකාරිත්වයන් සමබන්ධයෙන් විශේෂ සාකච්ඡාවක නිරත විය.

Continue Reading

ක්‍රීඩා

චමරිට ලොවෙන්ම පළමුතැන 

Published

on

By

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ (ICC) කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සුපිරි පිතිකරු චමරි අතපත්තු එක්දින පිතිකරණ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තුන්වන සහ අවසන් එක්දින තරගවලදි චමරි අතපත්තු දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරඟ තුනකින් සමන්විත තරඟාවලිය සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

චමරි අතපත්තු ඉහළට ඒමත් සමඟ එතෙක් ඉදිරියෙන් සිටි එංගලන්ත කාන්තා කණ්ඩායමේ නටාලි ස්කැවියර් බර්න්ට් දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේ දී ලකුණු 302ක වාර්තාගත ඉලක්කයක් හඹා ගිය චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය ලබා දෙමින් නොදැවී ලකුණු 195* ලබා ගැනීමට ඇයට හැකි වූවාය. එය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයක දී සාර්ථක හඹායාමකදී ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ.

2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඇෆ්ගනිස්ථානයට එරෙහිව ග්ලේන් මැක්ස්වෙල් ( Glenn Maxwell) නොදැවී ලකුණු 201 ලබා ගැනීම එවැනි දස්කමක ලොව පළමු තැන තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved