Connect with us

පුවත්

ලංකාව – මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 2ක්

Published

on

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 2කට එළඹීමට ඊයේ (29) දින පැවැත්වුනු අමාත්‍ය මණ්ඩල රැස්වේමේදී කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

රේගු කටයුතු පිළිබඳව සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය සහය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් මෙන්ම සෞඛ්‍යය ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව අවබෝධතා ගිවිසුමට එළැඹීමට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මේ අනුව, රේගු කටයුතු පිළිබඳව ගිවිසුමට එළැඹෙන්නේ රේගු කටයුතු වලට අදාල සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය සහය ශක්තිමත් කිරීම, ප්‍රවර්ධනය කිරිම හා වැඩි දියුනු කිරීම සහ දෙපාර්ශවය අතර අන්‍යෝන්‍ය අවබෝධය හා සන්නිවේදනය ශක්තිමත් කිරීම අරමුණුකොටය.

තවද, සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම, පර්යේෂණ හා සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ මහජනතාවගේ සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීම මඟින් දෙරට අතර සෞඛ්‍යය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ විධිමත් කිරීම අනෙක් ගිවිසුමේ අරමුණු වේ.

මෙම යෝජිත කෙටුම්පත් ගීවිසුම් සඳහා නීතිපතිවරයාගේ නිශ්කාශනය ලැබී ඇත.

පුවත්

ළමුන් අතර උණ, පාචනයේ වැඩිවීමක්

Published

on

By

අලුත් අවුරුදු සමයෙන් පසුව දරුවන් අතර පාචනය ව්‍යාප්ත වීමක් දැකගත හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

දරුවන් අතර හතිය, ඉන්ෆ්ලුවෙන්සා, වයිරස් උණ ද ව්‍යාප්ත වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

වමනය, බඩඑළිය වැනි රෝග ලක්ෂණ තිබේ නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගත යුතු බවද ඔහු අවධාරණය කරයි.

Continue Reading

පුවත්

වෙලිංටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ඇරඹීමට ධූත පිරිසක් එරටට

Published

on

By

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීම සම්බන්ධයෙන් මෙරට නියෝජිත පිරිසක් ලබන සතියේදී එරට සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිසක් අප්‍රේල් 22 වනදා සිට 25 වනදා දක්වා කාලය තුළ නවසීලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතය බවයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන්හි ආරම්භ වන්නේ පසුගියදා ගනු ලැබූ කැබිනට් මණ්ඩල තීරණයකට අනුවයි.

මේ වනවිට විශාල ශ්‍රී ලාංකික වෘත්තිකයින් සහ සිසුන් පිරිසක් එහි රැදී සිටින බවත්, ඔවුන්ට පහසුකම් සැපයීම සහ දෙරට අතර වෙළෙඳ, අධ්‍යාපන, ක්‍රීඩා, විද්‍යා සහ තාක්ෂණ, සංචාරක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙහි මූලික අරමුණු අතර වන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading

පුවත්

විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැර ගිහින්

Published

on

By

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.

වෛද්‍යවරුන් බොහෝ පිරිසක් පිටව ගොස් ඇත්තේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව යනාදී රටවලටය. ආර්ථික ගැටලු ඔවුන් මෙසේ විදේශගතවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ ප්‍රශ්නයට රජය කඩිනම් විසඳුමක් ලබාදිය යුතු බව වෛද්‍යවරු යෝජනා කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බවයි.

එම වෛද්‍යවරුන් බොහෝ පිරිසක් රටා අත්හැර ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.

පිරිසක් විදේශ පුහුණුවීම් සඳහා ගොස් ඇති බවත් පුහුණුවීම් සඳහා ගිය ඇතැම් වෛද්‍යවරුන් මේ වන විට පැමිණෙමින් සිටින බවත් ලේකම්වරයා කීවේය.

හෙදියන්ද දෙසීයකට වැඩි පිරිසක්ද රට රැකියාවලට ගොස් ඇතත් නව බඳවා ගැනීම හේතුවෙන් රෝහල්වල කටයුතුවලට බාධාවක් වී නැතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

(ලංකාදීප)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved