Connect with us

පුවත්

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද පිපිරෙයි

Published

on

හවායි හි පිහිටි ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන මවුනා ලෝවා “Mauna Loa” ගිනි කන්ද පුපුරා ගොස් තිබේ.

මෙම ගිනිකන්ද වසර 40කට පමණ පසු පළමු වරට මෙලෙස විධාරණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ගිනිකන්ද පිහිටි ප්‍රදේශය අවට සිට ජනතාවට අනතුරු අඟවා ඇති අතර අළුවැටීමේ අවදානමක් ඇති බවද දන්වා ඇත.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය දන්වා ඇත්තේ ගිනිකන්දේ ස්වභාවය ක්ෂණිකයෙන් වෙනස්විය හැකි බවය.

ගිනිකන්දේ තත්ත්වය “ඉතා අවධානම්” තත්ත්වය දක්වා ඉහළ දමා ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

මෙම මවුනා ලෝවා ගිනිකන්ද හවායි හි ගිනිකඳු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති අතර එය හවායි දූපතේ වැඩි භූමි ප්‍රමාණයක පිහිටා ඇති අතර ගිනිකන්ද මුහුදු මට්ටමේ සිට අඩි 13,679 (මීටර් 4,169) ඉහළට නැඟී ඇති අතර වර්ග සැතපුම් 2,000 (වර්ග කිලෝමීටර් 5,179) කට වඩා වැඩි ප්‍රදේශයක් පුරා විහිඳී පවතී.

පුවත්

“ප්‍රතිව්‍යුහගත කළාට ණය තොගය අඩු වෙන්නේ නැහැ”

Published

on

By

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රටවල් අනුව වෙන වෙනම තීරණ ගත නොහැකි අතර සෑම රටකටම සමානව සැලකීම යන මූලධර්මය අනුව කටයුතු කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා කියයි. 

කිසිදු රටක් මේ වන විට ගෙවිය යුතු ණය ප්‍රමාණ කපා හැරීමකට එකඟ වී නොමැති අතර ණය ගෙවිය යුතු කාලය 2028 වර්ෂය දක්වා දීර්ඝ කර ගැනීමට දැනට සාකච්ඡා පැවැත්වෙන බව හෙතෙම අනාවරණය කළේය.

මෙරට ණය පිළිබඳ දැනට ඇත්තේ 2023 සැප්තැම්බර් මාසයේ ලබාගත් නිල සංඛ්‍යාලේඛන වන අතර එම ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 120 ඉක්මවා යන බව හෙතෙම ප්‍රකාශ කළේය. 

එයට පසුව ගත් සහ ගනිමින් පවතින ණය මෙයට එකතු වන අතර ඒ අනුව අපට ගෙවීමට නොහැකි ණය ප්‍රමාණයක් ඉදිරියේදී එකතු වන බව මහාචාර්යවරයා පැවසීය. 2028 වසර වනවිට ණයවල මූර්ත අගය හෙවත් නියම වටිනාකම අඩුවීමට ඉඩ ඇති නමුත් ණය තොගය තවත් වැඩිවීමේ අනතුරකට ලක්වනවා ඇත.

මේ තත්ත්වය සමනය කිරීමට නම් රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි කළ යුතු අතර රටට මුදල් ලැබෙන ක්‍රමද වර්ධනය කළ යුතු බව පවසන මහාචාර්යවරයා ආර්ථිකය යහපත් ලෙස කළමනාකරණය කිරීමට රජය සමත් විය යුතු බවද පවසයි.

(දේශය)

Continue Reading

පුවත්

ළමුන් අතර උණ, පාචනයේ වැඩිවීමක්

Published

on

By

අලුත් අවුරුදු සමයෙන් පසුව දරුවන් අතර පාචනය ව්‍යාප්ත වීමක් දැකගත හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

දරුවන් අතර හතිය, ඉන්ෆ්ලුවෙන්සා, වයිරස් උණ ද ව්‍යාප්ත වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

වමනය, බඩඑළිය වැනි රෝග ලක්ෂණ තිබේ නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගත යුතු බවද ඔහු අවධාරණය කරයි.

Continue Reading

පුවත්

වෙලිංටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ඇරඹීමට ධූත පිරිසක් එරටට

Published

on

By

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීම සම්බන්ධයෙන් මෙරට නියෝජිත පිරිසක් ලබන සතියේදී එරට සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිසක් අප්‍රේල් 22 වනදා සිට 25 වනදා දක්වා කාලය තුළ නවසීලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතය බවයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන්හි ආරම්භ වන්නේ පසුගියදා ගනු ලැබූ කැබිනට් මණ්ඩල තීරණයකට අනුවයි.

මේ වනවිට විශාල ශ්‍රී ලාංකික වෘත්තිකයින් සහ සිසුන් පිරිසක් එහි රැදී සිටින බවත්, ඔවුන්ට පහසුකම් සැපයීම සහ දෙරට අතර වෙළෙඳ, අධ්‍යාපන, ක්‍රීඩා, විද්‍යා සහ තාක්ෂණ, සංචාරක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙහි මූලික අරමුණු අතර වන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved