Connect with us

පුවත්

විකාශන අධිකාරි පනත පරාජය කිරීමට කල හැකි සියල්ල කරනවා – සජබ

Published

on

වත්මන් රජය ගෙනඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධ වීමට සහ එය පරාජය කිරීමට ගතයුතු උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේදීත් ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ විධායක සභාව විසින් ඒකමතිකව තීරණය කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අද (05) ඒ බව පැවසීය.

මෙම පනත හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිරිවී ඇති කොටසත් විනාශ වීම සිදුවෙන බව ඔහු සඳහන් කර සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ සිව්වැනි කුලුන වන්නේ නිදහස් මාධ්‍ය බවද සජිත් ප්‍රේමදාස මහතා තව දුරටත් කියා සිටියේය.

පුවත්

ආණ්ඩුවේ වාහනයක් දුවන්නේ කිලෝමීටරකට රුපියල් 300ට

Published

on

By

රජයේ වාහනයක් ධාවනයට කිලෝමීටරකට රුපියල් 300ක් වැයවන බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

කෙසේවුවද, එසේ ධාවනය වන රාජ්‍ය වාහන රු. 100 පිරිවැයකින් කිලෝමීටරයක් ධාවනය කළ හැකි බවද එහිදී හෙළිව ඇත.

මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සම්පත් කළමණාකරණය සම්බන්ධයෙන් සකස් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක දත්ත අනුව මේ පිළිබඳ අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.

බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කරවී ඇත.

මෙහිදී අදාළ පර්යේෂණ පත්‍රිකාව මගින් පෙන්වා දී ඇත්තේ 2022 වර්ෂයේ සංඛ්‍යා ලේඛන අනුව රාජ්‍ය ආයතන සතුව වාහන 82,000ක් පමණ පවතින බවත් ඉන් 76,000ක් පමණ ධාවන තත්ත්වයේ පවතින බවත්ය. 

මේ අනුව වාහන 5500 පමණ ධාවන තත්ත්වයේ නොපවතින බවද මෙහිදී අණාවරණය වී ඇත.

එසේම ධාවන තත්ත්වයේ පවතින එක් වාහනයක් කිලෝමීටරයක් ධාවනය කිරීම සඳහා යන වියදම ආසන්න වශයෙන් රු. 300 ත් 500 ත් අතර වන බවත් මෙම පර්යේෂණ පත්‍රිකාව අනුව හඳුනාගෙන තිබුණි. 

කෙසේවුවද, රාජ්‍ය ආයතනවලට අවශ්‍ය මෙම වාහන කුලී හෝ බදු පදනම යටතේ පෞද්ගලික අංශය මගින් ගන්නේ නම් රු. 100 ක් හෝ ඊට වඩා අඩු මුදලකින් කිලෝමීටරයක් ධාවනය කිරීමට හැකි බව මෙහිදී මෙම පර්යේෂණයේ දත්ත අනුව හඳුනාගෙන ඇත.

100ට දිව්වොත් බිලියන 20ක් ඉතිරි කළ හැකියි

මේ අනුව ක්‍රමාණුකූලව රාජ්‍ය සතු වාහන ඉවත් කරමින් මෙම ක්‍රියාදාමය අනුගමනය කරන්නේ නම් සෘජුවම රු. බිලියන 20 ක් පමණ රජ්‍ය වියදම ඉතිරි කර ගත හැකි බව මෙහිදී අනාවරණය වී තිබේ.

මෙම තොරතුරු සැලකිල්ලට ගනිමින් මෙම පර්යේෂණ පත්‍රිකාව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කොට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් අනු කාරක සභාවක් පත් කිරීමට මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා නිර්දේශ කර ඇත.

එසේම සුනිත්‍ය බලශක්තිය සම්බන්ධයෙන් මෙරට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විද්වත් අදහස් ලබාගැනීමද මෙහිදී සිදුව තිබේ.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මනිත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, යදාමිණී ගුණවර්ධන, ජගත් ප්‍රියංකර, කුමාරසිරි රත්නායක සහ (මහාචාර්ය) චරිත හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී ඇත.

Continue Reading

පුවත්

සිවාජිලිංගම් වෛද්‍ය ප්‍රතිකාර කරගත නොහැකිව අසරණ වෙලා

Published

on

By

දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයකු වන එම්.කේ සිවාජිලිංගම් ඉන්දියාවේදී හෘදයාබාදයකට හා තවත් රෝග කිහිපයකින් පීඩාවට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවී කිසිදු හව් හරණක් නොමැති තත්ත්වයට පත්ව ඇති බවට වාර්තා වේ.

චෙන්නායි විජයි රෝහලේ දින 16 ක කාලයක් ප්‍රතිකාර ලැබ සිටි ඔහුට ශ්‍රීලංකා මුදලින් ලක්ෂ දාහතරක බිල්පතක් සහ දෛනිකව තුවාල සඳහා ප්‍රතිකාර කිරීමට රුපියල් විසි තුන්දහසක මුදලක් වැය කිරීමට සිදුව ඇති අතර මුදල් නොමැතිව ඔහු දැඩි පීඩාවකට ලක්ව ඇතැයි පැවසේ.

ඉන්දියාවේ සංචාරයක නිරතව සිටි එම්.කේ සිවාජිලිංගම් හිටපු මන්ත්‍රිවරයා පසුගියදා හෘදයාබාදයකට ලක්වීමෙන් චෙන්නායි, විජයි රෝහල වෙත ඇතුළත් කර තිබිණි.

පසුව ඔහුට දියවැඩියාව සහ වකුගඩු රෝගය නිසා ඇතිවු සංකූලතා මත තවත් මාසයක කාලයක් ඉන්දියාවේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසට නිර්දේශ කර ඇත.

සෞඛ්‍ය වියදම් සඳහා මුදල් තම පවුලේ ඥාතින් විසින් හැකි පරිදි ලබාදුන්නත් ඒ මුදල් ප්‍රමාණවත් වී නැතැයි පැවසේ.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රි විශ්‍රාම වැටුප ඇපයට තබමින් මෙරට බැංකුවකින් මුදල් ණයක් ලබාගැනීමට අයදුම් කර ඇතත් එම ඉල්ලීමද ප්‍රතික්ෂේප වී ඇත.

මුදල් නොමැති හෙයින් ඉන්දියාවේ රජයේ රෝහලකින් ප්‍රතිකාර ගැනීමට ගියත් ඔහු ඉන්දිය පුරවැසියෙකු නොවන නිසා එම උත්සහායද ප්‍රතික්ෂේප වී ඇත.

මේ තත්වය මැද සිවාජිලිංගම් මන්ත්‍රිවරයා චෙන්නායිහි සිටින සිය මිතුරෙකුගේ නිවසේ රැඳී සිටිමින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන අතර මන්ත්‍රිවරයාගේ ඥාතීන් කියා සිටින්නේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැනත්, ජාතික ගැටලුව ගැනත් නොබියව හඬ නගමින් උතුරේ බොහෝ තරුණ තරුණියන්ට විදේශගතවීමට පවා උපකාර කරමින් දෙමළ ඩයස්පෝරා සංවිධාන හා සහයෝගයෙන් වැඩ කරමින් කටයුතු කළ සිවාජිලිංගම් මන්ත්‍රිවරයා ගැන කිසිවකුත් හැරී නොබලන බවය.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

දන්න දේ දැන ගන්න මෛත්‍රි උසාවි කැඳවයි

Published

on

By

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (28) නියම කළාය.

මෙම සිද්ධියට පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු අධිකරණයට කැඳවා ප්‍රකාශයක් ගන්නැයි රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දුන් අතර ඒ පිළිබඳ නීතීපතිවරයාට දැනුම් දෙමින් තමන් ගතයුතු ඉදිරි පියවර කුමක්දැයි රහස් පොලිස් නිලධාරීහු උපදෙස් ඉල්ලා තිබිණි.

(ලංකාදීප)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved