Connect with us

පුවත්

සෞඛ්‍යයේ V8 ලේකම්ලාට; සීතා තාම යන්නේ ජනපති කාර්යාල කාරයේ

Published

on

තමා රාජකාරි ගමන් බිමන් යාම සඳහා භාවිත කරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තාවකාලිකව ලබා දී ඇති බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් බව සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය කියයි.

එසේම තමන්ට වී එයිට් වර්ගයේ සුපිරි ජීප් රථයක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිසිදු අවස්ථාවක ඉල්ලීමක් නොකළ බව සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනිය ප්‍රකාශ කළාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රාජ්‍ය ඇමැතිවරියට රථවාහන තුනක් ලබා දිය යුතු වුවද මේවන විට ලබා දී ඇත්තේ කැබ් රථයක් පමණක් වන අතර මීට පෙර ලබා දී තිබූ මෝටර් රථය ද ධාවනයට නුසුදුසු බව දන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

සෞඛ්‍ය රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය වැඩිදුරටත් පවසන්නේ මීට පෙර සිටි රාජ්‍ය අමාත්‍යවරුන් භාවිත කළ වාහන කිසිවක් තමාට හෝ තම කාර්ය මණ්ඩලයේ නිලධාරින්ට භාවිත කිරීමට ලබා දී නොමැති බවය.

එහෙත් රාජ්‍ය ඇමැතිවරුන් භාවිත කළ වී එයිට් වර්ගයේ ජීප් රථ දෙක අතිරේක ලේකම්වරුන් දෙදෙනකු භාවිත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ප්‍රකාශ කරයි.

මේ වනවිට රාජ්‍ය ඇමැතිවරුන් පත්කර ඇති බැවින් ඉන් එක් ජීප් රථයක් රාජ්‍ය ඇමැතිවරියට ලබා දීමට සැලසුම්කර ඇති බවද ඔහු සඳහන් කරයි.

වී එයිට් ජීප් රථයක් ඉල්ලීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා යොමු කළ ලිපියක මේ බව සඳහන් වෙයි.

පුවත්

කෙහෙළිය ඇතුළු 9ක් යළිත් රිමාන්ඩ්

Published

on

By

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 09 දෙනා අප්‍රේල් මස 08දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

Continue Reading

පුවත්

ග්‍රෑන්ඩ්පාස් ටයර් කඩේක ගින්නක්

Published

on

By

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක් යොදවා ඇත.

මේ හේතුවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිරිපිට වේල්ස්කුමාර මාවත දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

Continue Reading

පුවත්

උද්දික ප්‍රේමරත්න යළිත් දිවයිනට

Published

on

By

ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (28) උදැසන මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ.

ඔවුන් එමිරේට්ස් ගුවන් සමගමට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇත.

මීට සති කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වූ ප්‍රේමරත්න මහතා, කැනඩාව බලා පිටව යාමත් සමග දැඩි කතාබහට ලක්වූ අතර, තමා කැනඩාවේ දේශපාලන සරණාගතභාවය සඳහා ඉල්ලීම් කර ඇතැයි පළවූ වාර්තා ඔහු විසින් එය තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved