Connect with us

පුවත්

08 දා සිට රාජකාරි වර්ජනයකට PHIලා වලිකයි

Published

on

මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් ‌හෙට (08) සිට ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් මඟින් දැනුම් දී ඇත.

පසුගිය16 වනිදා අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රැකියා විස්තරයට විරෝධය දක්වමින් ඉදිරිපත් කළ ලිපිය සහ පසුගිය 25 වෙනිදා සිය ගැටලු වලට යොමු කළ ලිපියට සාධ‍නීය විසදුම් ලබා නොදීම මත මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු විසින් ලබාදෙන ප්‍රගති සමාලෝචන ඇතුළු සියලුම වාර්තා අත්හිටුවීම හා සියලු රැස්වීම්වලට සහභාගි නොවීමට ක්‍රිය කරන බව එම ලිපියේ සඳහන් වේ.

තවද ලබන 15 හා 22 දින ඩෙංගු මර්දන රාජකාරිවලින් හා සියලුම බෝවන රෝග පාලන කටයුතු වලින් ඉවත්වීමට ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරු තීරණය කර ඇත.

එමෙන්ම ලබන මස 01 වැනිදා සිට සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වී එම මස 15 වැනිදා සිට පළාත් වශයෙන් උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතය.

තවද එදිනම සෞඛ්‍ය අමාත්‍යංශයට ඉදිරිපිටට පාගමනින් පැමිණ උද්ඝෝෂණයක නිරතවිමට නියමිත බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

වර්තමාන ඉන්ධන මිල ඉහළ යාමට හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක පරිවර්තිත ගමන් වියදම් ඉහළ දැමීම යන මාතෘකා මුල්කර ගනිමින් පසුගිය මස 16 සෞඛ්‍ය අමාත්‍යංශයට ලිපියක් ද යොමු කර තිබුණි.

පුවත්

මහින්දගේ නිල නිවසේ තක්සේරු කුළිය ලක්ෂ 46 යි

Published

on

By

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාවිතා කරන කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිල නිවස තමන් මෑතකදී රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව යවා තක්සේරු කරවූ බවත් එම තක්සේරුව අනුව එහි මාසික කුළිය රුපියල් ලක්ෂ 46ක් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“එක ජනාධිපතිවරයෙකුට ආරක්ෂාව සඳහා අවුරුද්දකට වියදම් කරලා තියෙනවා මිලියන 700ක්. පොලීසිය, හමුදාව, නාවික හමුදාව, STF දහස් ගණනක්. ඔක්කොම අයින් කළා. 60 යි. තව කෙඳිරි ගෑවොත් 60ත් අයින් කරනවා. 60 තියාගෙන ඉන්න මහත්තයෝ, මදි මදි කෙඳිරි ගෑවොත් වෙන දේ කියන්නම්. 

මම මේ ළඟදී මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්න ගෙදර රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව යවලා තක්සේරු කළා. කීයක් වටිනවාද ? තවම ඉඩම තක්සේරු කරගන්න බැරිවුණා ගේ විතරක් තක්සේරු කළා. ගේ තක්සේරුව අනුව මාසික කුළිය ලක්ෂ 46 යි. පනතේ තියෙනවා එක්කෝ හිටපු ජනාධිපතිවරයාට ගෙයක් හිමියි, නැත්නම් පඩියෙන් තුනෙන් එකක් හිමියි. අපි ගේ ගන්නවා පඩියෙන් තුනෙන් එකක් දෙනවා. 30,000 ක්. එහෙම නැත්නම් ඉතුරු සල්ලි ටික දීලා ඒ ගේ ඉන්න පුළුවන්. මාසෙ කුලියට. 

චන්ද්‍රිකා ඉන්න ගේත් තක්සේරු කරන්න ගියා, එතුමිය කියලා තිබුණා සති දෙකක් ලන්ඩන්, සති දෙකෙන් පස්සෙ එන්න කියලා. දැන් ඇවිල්ලා ඉන්නෙ, දැන් යවනවා”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (19) කළුතර ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

Continue Reading

පුවත්

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි අත්අඩංගුවට

Published

on

By

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, නීතිවිරෝධී ලෙස ලොරි රථයක් එකළස් කර, ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙනි.

ඉහත සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (19) දිනයේදී හිටපු අමාත්‍යවරයා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණ සිටි අතර එහිදී පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

විජිත් විජයමුණි සොයිසා මහතාව අද (20) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය

Continue Reading

පුවත්

නැගෙනහිර හා උතුරුමැද පාසැල් අද නොපැවැත්වේ

Published

on

By

නැගෙනහිර පළාතේ සහ උතුරුමැද පළාතේ සියලු පාසල් අද (20) නොපැවැත්වීමට තීරණය කර තිබේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත මෙම තීරණය ගෙන තිබේ.

නැගෙනහිර  පළාත තුළ පාසල් වල මේ දිනවල විභාගය පැවැත්වෙන බැවින් අද දිනයේ පැවැත්වීමට තිබු විභාග විෂයන් 25 වනදා එනම් සෙනසුරාදා දිනයේ පැවැත්වීමට කටයුතු කර තිබෙන බවට වාර්තා වේ.

අයහපත් කාලගුණය හේතුවෙන් අදාල පාසල් වසා තැබෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්‍ය් ජයන්ත ලාල් රත්නසේකර පවසයි.

මේ අතර අද දවසේ උතුරු මැද පළාත තුල සියලු පාසල්  නොපැවැත්වීමට ගෙන ඇති තීරණය පිළිබඳව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමා විසින්  සියළුම විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇති බව සඳහන්ය.

එමෙන්ම 3,4 සහ 5 ශ්‍රේණි සඳහා 2024 අවසාන වාර විභාගය අද(20) සහ හෙට (21) යන දින වලට නියමිතව ඇති විභාග තාවකාලිකව කල්දමන බව ද දැනුම් දී තිබෙන බවට වාර්තා වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved