Pasidol
Sathosa Ad Final Sinhala
Feb 20, 2018

කඳුකරයෙන් ඇසෙන කඳුළු කතාව (ඡායා)

මධ්‍යම කඳුකරයේ පවතින වියළි කාලගුණය සහ එළවලු මිළ පහත වැටීම හේතුවෙන් එළවලු වගා කරන ගොවීන් දැඩි අසිරුතාවයකට පත්ව සිටී.

මෙම තත්ත්වයත් සමග එම ප්‍රදේශයේ ජල උල්පත් සිදී යෑමේ අවධානමකට ලක්ව ඇති බැවින් එළවලු වගාකරන ගොවීන් තම වගාවලට ජලය ඉසීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත්ව සිටී.

පුරා මාස දෙකක පමණ කාලයක් දැඩි වියළි කාලගුණය පැවති අතර දින කිහිපයක් කඩින් කඩ වර්ෂාව පැවතියද එම වර්ෂාපතනය ජල උල්පත් පෝෂණය වීමට තරම් ප‍්‍රමාණවත් නොවන බව ගොවීන් පවසයි.

පවත්නා තත්ත්වය හේතුවෙන් ගොවීන් ප‍්‍රධාන ඇළ දොළ ගංගාවල ගලා බසින සීමිත ජල ප‍්‍රමාණය ජල පොම්ප යොදාගෙන වගාවන්ට ඉසියි.

තවද මේ දිනවල උඩරට එළවලු ඉල්ලුමට වඩා සැපයුම වැඩි වීම හේතුවෙන් මිළ පහත වැටීම නිසා තමන් අර්ථික වශයෙන්ද ගැටලු රැසකට මැදිවී ඇති බව ගොවීන් පවසයි.

තවද මධ්‍යම කඳුකරයේ කාලගුණය මෙසේ තිබියදී ජල පෝෂක ප‍්‍රදේශවල පිහිටි රක්‍ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිණි තැබිම නිසා ජල මුලාශ‍්‍ර සිඳී ගොස් විශාල පරිසර හානියක්ද ඇතිව තිබේ.

රංජිත් රාජපක්‍ෂ - හැටන් වාර්තාකරු

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top