Pasidol
Sathosa Ad Final Sinhala
Feb 21, 2018

ගෑස් මිල වැඩි කරන්න තීරණයක් නෑ - රිෂාඩ්

ගෑස් මිල වැඩි කිරීමට ආණ්ඩුව කිසිඳු තීරණයක් ගෙන නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ඊයේ (20 දා ) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ගෑස් මිල වැඩි කිරීමට සමාගම් දෙකකින් ඉල්ලීම් කර තිබුණද ආණ්ඩුව මෙතෙක් ඒ පිළිබඳව සාකච්ඡා කර නොමැති බවද හෙතෙම සඳහන් කළේය.

ගෑස් මිල සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය සහ ජීවන වියදම් කමිටුවේ අදහස් විමසා අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"පාරිභෝගික අධිකාරියට මේ වෙලාවේ මිල වැඩි කිරීමේ ඉල්ලීම් එනවා. නමුත් ඒකට මිල කමිටුවක් තිබෙනවා. කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. මේ සියල්ලන් සමග කතා කරලා තමයි අපි තීරණ ගත යුත්තේ. ගෑස් කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් . මේ නිසා මිල සූත්‍රය හඳුන්වාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා. කැබිනට් අනුමැතිය දුන්නොත් විතරයි අපි වැඩ කරන්නේ. ඒ නිසා තවම ගෑස් මිල වැඩි කිරීමේ තීරණයක් නෑ" යැයි පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top