Pasidol
Sathosa Ad Final Sinhala
Feb 21, 2018

වැලිකඩ ගැටුමේ කටඋත්තර දුන් බන්ධනාගාර නිලධාරියෙක් අතුරුදහන් !

මහර බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයෙක් අතුරුදහන්ව ඇතැයි වාර්තා වේ.

බන්ධනාගාර මූලස්ථානය විසින් අදාළ සහකාර අධිකාරීවරයා සේවය අතහැර ගිය බවට ලිපියක් යොමුකර ඔහුගේ නිල නිවසද ඊයේ (20) අත්පත්කරගෙන තිබේ.

දැනට මාසයක පමණ කාලයක සිට මෙම බන්ධනාගාර සහකාර අධිකාරීවරයා අසනීප නිවාඩු දමමින් සිට එකවරම අතුරුදහන්ව ඇති බව පැවසේ.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ කලක් බන්ධනාගාර මූලස්ථානයේ බුද්ධි අංශයේ රාජකාරී කළ ඉන්දික සම්පත් නැමැත්තෙකි.

ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ (2012-11-09) ගැටුම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් කටඋත්තර ලබාගත් අයෙක් බවද පැවසේ.

එසේ කටඋත්තර ලබා ගැනීමෙන් පසුව ඔහුව මහර බන්ධනාගාරය වෙත ස්ථාන මාරුකර තිබූ බවද වාර්තා වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top