Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 06, 2016

ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධ නඩු 40%ක් අවසන් ! Featured

ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී නඩු 100කට ආසන්න ප්‍රමාණයක් පැවැති  බවත් ඒ සඳහා වෙනමම අධිකරණයක් පිහිටුවීම හරහා එම නඩුවලින් 40%ක් පමණ ප්‍රමාණයක් අවසන් කොට ඇති බවත් බරපතල සිද්ධීන් වලට අදාළ නඩු මේ වන විට ඉතිරිවී ඇති බවත් බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා එබව පැවසුයේ ඊයේ (05)  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එමෙන් ම යම් නඩුවක් සම්බන්ධයෙන් සාක්ෂි නොමැතිවීම, සාක්ෂිකරුවන් මරණයට පත්වීම, ඔවුන් සොයාගැනීමට ඇති අපහසුව වැනි කරුණු හේතුකොට ගෙන ඇතැම් නඩු ඉල්ලා අස්කරගන්නා බව ද එහිදී පෙන්වා දුන්  අමාත්‍යවරයා  ත්‍රස්තවාදී නඩුවකට සාක්ෂි එකතුකිරීම  ඉතා අමාරු ක්‍රියාවක් බව අවධාරණය කර සිටියේය.

ඇප හා දඬුවම් නීති සංශෝධනයට
ඇප හා දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් දැනට පවතින නීති සංශෝධනය කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවත්,  ඒ සඳහා නීති කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇති බවත් ඇමතිවරයා මෙම මාධ්‍ය හමුවේදී පැවසිය.

එක් එක් අධිකරණ විසින් මෙන් ම එකම අධිකරණයක් තුළින් ද යම් යම් අවස්ථාවලදී එකම වරදට ලබාදෙන දඬුවමේ මෙන්ම  ඇප ලබාදීමේ දී ඇතැම් වෙනස්කම් දැනට පවතින නීති රාමුව අනුව දක්නට ලැබෙන බව පෙන්වා දී ඇති අමාත්‍යවරයා,  ඒ හරහා සිදුවන අපහසුතා මඟහැරීමේ අරමුණින් නව සංශෝධන සිදු කරන බව සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top