Feb 22, 2018

"ටූ ඉන් වන්" හැදූ තේ කම්හල් දෙකක් වසයි

තේ වලට සීනි කවලම් කර විකිණීමේ ජාවාරමක සුල මුල සොයා ගැනීම සදහා තේ කර්මාන්ත ශාලා 82 ක නිමි තේ සාම්පල පරීක්ෂා කිරීමට මේවන විට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ මහතා පවසයි.

පසුගියදා රත්නපුර ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලා දෙකක ලැබුණු පැමිණිලි මත කරන ලද පරීක්ෂා කිරීම්වලදී නිමි තේ නිෂ්පාදනයේදී සීනි කවලම් කර තිබූ බවට තහවුරු විය.

අනතුරුව එම කර්මාන්ත ශාලා දෙකෙහි නිෂ්පාදනය සහ අලෙවිය මේවන විට තහනම් කර ඇත.

තේ පරීක්ෂක නිලධාරීන් ලවා නිමි තේ සාම්පල් ගෙන්වාගෙන දැනට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පවසන සභාපතිවරයා එම සාම්පලවල සීනි කවලම් කර ඇති බවට තහවුරු වන සාම්පල හිමි තේ කර්මාන්තශාලාවල නිෂ්පාදනය සහ අලෙවිය තහනම් කිරීමටද කටයුතු කරන බව ද පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top