OPEN

#

OPEN

#

Feb 22, 2018

පණ ඇති යකඩයා පණ නැති යකඩයාට යටවෙයි ! (ඡායා)

කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවන වූ සීඝ්‍රගාමී දුම්රියෙහි ගැටීමෙන් කන්තලේ කිතුල් උතුව ප්‍රදේශයේදී ඊයේ (22) අලුයම ඇත් පැටවෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

කවුඩුල්ල හා කිතුල් උතුව මායිමේ සිදුවූ මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ අඩි එක හමාරක් පමණ දිගැති දල යුගලයක් සහිත ඇත් පැටවෙකු වන අතර එලි වෙනතෙක්ම මවු ඇතින්න මිය ගිය ඇත් පැටවා අසලට වී සිටි බව ප්‍රදේශවාසීහු පැවැසූහ.

සිද්ධිය සැලවූ වහාම එම ස්ථානයට පැමිණි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කවුඩුල්ල ප්‍රදේශය භාර වනජීවී නිලධාරීන් මුලික පරීක්ෂණ කටයුතු ඇරඹීය.

මෙම ඇත් පැටවා මවු ඇතින්න සමග දුම්රිය හරස් මග හරහා රක්ෂිතයට ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුවන්නට ඇති බව වන ජීවී නිලධාරිහු සැක පල කරති.

කේ. බී. ලක්මාල් - ත්‍රීකුණාමලය වාර්තාකරු

kibula1

kibula2

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top