Pasidol
Sathosa Ad Final Sinhala
Feb 22, 2018

අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට ! - පමාවේ වගකීම එජාපයට !! Featured

අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට දිනයේ සිදුකිරීමට බොහෝදුරට ඉඩ ඇති බවත්, එහිදී ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයකම වෙනස්කම් සිදුවන බවත් ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.

වහාම කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී ඇතත් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය මණ්ඩල නිර්දේශ මෙතෙක් නොලැබීම කැබිනට් සංශෝධනය පමාවට හේතුව බව ඔහු කියා සිටියේය.

චෝදනා එල්ලවී ඇති ඇමතිවරුන්ට යළි එම අමාත්‍යංශ ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයා කළ බලපෑම් හේතුවෙන්
එජාප අමාත්‍ය මණ්ඩල නාමලේඛනය කිහිපවරක්ම සංශෝධනය කිරීමට සිදුව ඇති අතර මෙහිදී එජාපයේ ඇතැම් ඇමතිවරුන් කහබහ කර ගනිමින් තම අමාත්‍යංශ මාරුකර ගෙන ඇතැයි වාර්තාවේ.

Cartoon1 02 22 18

අද දිනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ දිනයේදී අනාවැකි පළ කළේය.

මේ අතර, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා කියා සිටියේ ආණ්ඩුව රගපෑ නාට්‍යය අවසන් කරමින් කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට සූදානම් වන බවයි.

මෙය වත්මන් රජයේ දෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනයයි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දරණ අමාත්‍ය ධුර ද ඇතුලුව මේ වනවිට රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 47 කි.

ඒ අතර ජනාධිපතිවරයා ද ඇතුලුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 15 කි.

අග්‍රාමාත්‍යවරයාද ඇතුලුව එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් 32 ක් වත්මන් අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරනු ලබයි.

මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් 22 ක් වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සිටින අතර, ඉන් 11 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ 11 එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබයි.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් 11 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ද තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 12 ක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය 30 කට සීමා කර ඇති අතර රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 45 කට සීමා කර තිබේ.

කෙසේ වෙතත් වත්මන් රජය එම සීමාව ඉහළ දමනු ලැබුවේ ජාතික ආණ්ඩු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුවය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top