Pasidol
Sathosa Ad Final Sinhala
Feb 23, 2018

අගමැති ඉවත් කිරීම : ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීම අත්හිටුවයි Featured

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීමට ගෙන තිබූ තීරණය අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය කර ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තා කර තිබේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයින්ගෙන් ලද උපදෙස්‌ අනුව අදාළ තීරණය ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

19 වැනි සංශෝධනය යටතේ අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත පළවී තිබූ අතර එම සංශෝධනයේ 46 වැනි පරිච්ඡේදයට අදාළ වගන්ති සම්බන්ධයෙන් ජනාධිපති උපදේශක වරුන්ගේ දැඩි අවධානය යොමුවී තිබේ.

ඒ අනුව විවිධ මත පළවීම් නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීම අත්හිටුවීමට කටයුතු කරන ලෙස ජ්‍යෙෂ්ඨ උපදේශකයින් දුන් උපදෙස්‌ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ මතය නොවිමසීමට තීරණය කර ඇත.

මෙම තත්වය තුල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකනගත්වයෙන් යුතුව නව කැබිනට් සංශෝධනය අද (23) දිනයේ සිදුකිරීමට ජනාධිපතිවරයා එකඟත්වය පළකර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එම එකඟත්වය තුල රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්කළ යුතු බවට කැරළි ගැසූ ශ්‍රීලනිප අමාත්‍යවරුන් බලවත් සේ නොසන්සුන්තාවයට පත්ව සිටින බව වාර්තාවේ.

සන්ධාන ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාමට තීරණය වුවහොත් ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 25ක් විපක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (22) මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

5797110823 02 2018 l

එජාපයෙන් කැපී පෙනෙන සංශෝධනයක් !

මෙවර කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයේ කැපී පෙනෙන වෙනස්‌කම් සිදුවනුයේ එක්‌සත් ජාතික පක්‌ෂයට හිමි අමාත්‍යධුර වලින් බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමට අනුව මෙම වෙනස්‌කම් සිදුවේ.

කැබිනට්‌ ඇමතිධුර 40 කින් 30 ක්‌ම හිමිව ඇත්තේ එජාපයටය. එබැවින් කැබිනට්‌ ඇමැති ධුරවල වැඩි වෙනසක්‌ සිදුවීමේ හැකියාව එජාපය සතුව පවතී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top