Pasidol
Sathosa Ad Final Sinhala
Feb 23, 2018

කුණු ගොඩෙන් ඉපදෙන දුප්පතුන් ගේ අහර (වීඩියෝ)

එක් මිනිසකුගේ කසළ තවකෙකු ගේ ධනය බව (One man’s trash is another man’s treasure) යනුවෙන් ඉංග්‍රීසි කියමනක් පවතියි.

පිලිපීනයේ මැනිලා අගනුවරයෙන් වාර්තා වන මෙම පුවත ද ඛේදනීය වුවත් එම කියමන ඉතා මැනවින් සනාථ කරන්නකි.

පග්පග් (PagPag)යනු මැනිලා නුවර දරිද්‍රතාවයෙන් මිරිකෙන සමාජ කොටස් වල මිනිසුන් අතර ජනප්‍රිය ආහාරයකි. අවන්හල් වලින් ඉවතලන ඉඳුල් (විශේෂයෙන් මස් මාංශ) මෙන්ම නරක් වූ ආහාර පග්පග් ලෙස හැඳින්වේ.

කසළ ගොඩවල් වලින් එකතු කරන ලද මෙම ආහාර කොටස්, සෝදා යළිත් පිසගනු ලැබේ.

ඒ බව කියවූ සැනින් දැඩි පිළිකුළක් ඇතිවිය හැකි වුවද, දරිද්‍රතාවයේ අඳුරු සෙවනැලි වල ඛේදනීය බව මෙයයි.

පග්පග් පිළිබඳව බීබීසී ලෝක සේවය විසින් සැකසූ වීඩියෝවකි මේ.

(අවවාදයයි : ඇතැම් දර්ශන නැරඹීමට අපහසු විය හැක.)

(වීඩියෝ මාධ්‍යවේදී : හවර්ඩ් ජොන්සන් / නිෂ්පාදිකා : වර්මා සිමොනට්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top