Pasidol
Sathosa Ad Final Sinhala
කොළඹ මහාධිකරණය සිය පෙත්සම අහක දැමූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසයි. කොළඹ මහාධිකරණය සිය පෙත්සම අහක දැමූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසයි.
Feb 23, 2018

ගෝඨාභයගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්

 ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගැනීම සඳහා 'ඇවන්ගාඩ්' සමාගමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුවෙන් තමා ඇතුළු විත්තිකරුවන් පිරිසක් නිදහස් කරන මෙන් ඉල්ලා සිටිමින් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (පෙබරවාරි 23) අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළේය.

ඉහත කී කාරණය සම්බන්ධයෙන් තමා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් නඩු පවරා ඇති අතර, එම නඩුව ලබන 26 වන දා විභාගයට ගැනීමට නියමිතව ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා එම පෙත්සම මගින් කියා සිටියි.

එම නඩු විභාගය අත්හිටුවන මෙන් තමා කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළ බවත් ඔහු පවසයි.

Avenguard 1
'ඇවන්ගාඩ්' පාවෙන අවි ගබඩාවට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කෙරෙයි

එසේ ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරුවරයා ගත් තීන්දුව නීති විරෝධී යැයි පෙන්වා දෙන ගෝඨාභය රාජපක්ෂ මහතා, එකී නියෝගය ප්‍රතිශෝධනය කර තමන් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

ඊට අමතරව සිය පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන 'ඇවන්ගාඩ්' නඩු විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

(බීබීසී සිංහල සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top