Sathosa

Feb 26, 2018

''කැබිනට්‌ වෙනස හිසරදයට කොට්‌ට මාරු කිරීමක්‌ : මහින්ද

වත්මන් ආණ්‌ඩුවේ කැබිනට්‌ සංශෝධනය හිසරදයට කොට්‌ට මාරුකිරීමක්‌ බඳු යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

'දිවයින' පුවත්පත කළ විමසීමකට පිළිතුරු දෙමින් එබව පවසා ඇති මහින්ද රාජපක්‍ෂ මහතා, ''ආණ්‌ඩුව මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ක්‍රියානොකර ඇමැති මණ්‌ඩලයේ කිහිප දෙනෙකු වෙනස්‌ කළත් ආණ්‌ඩුවේ හැටි ජනතාව හොඳින් දන්නවා. ආණ්‌ඩුව කළ යුත්තේ මේ ඇමැති මාරුව මගින් හෝ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමයි.'' යයි ද තිබේ.

''මේ ඇමැති මාරුවෙන් ජනතාවට සේවය කරන හැටි අපි බලාගෙන ඉන්නවා. මෙම ඇමැති මාරුව හරියට හිසරදයට කොට්‌ට මාරුකිරීමක්‌ වගෙයි පේන්නේ.'' ඔහු වැඩිදුරටත් පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top