Feb 26, 2018

අකුරට හඬන මුලතිවු දරුවන්

මුලතිවු, තුනුක්කායි ප්‍රදේශයේ රජයේ පාසල්වල අත්‍යවශ්‍ය විෂයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් නොමැති බව පවසමින් දෙමාපියන් පිරිසක් විසින් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට ලිපියක් බාරදී තිබේ.

දෙමාපියන් අදාළ ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ දැනට වසර දෙකක පමණ කාලයක සිට මුලතිවු දිස්ත්‍රික්කයේ ඉතා උග්‍ර ගුරු හිඟයක් පවතින බවයි.

යුද සමයේ දිස්ත්‍රික්ක අතහැර වෙනත් පාළත් වලට ගිය ගුරුවරුන් ආපසු ගෙන්වා ගැනීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන නොමැතිවීම නිසා ගුරු හිඟය උග්‍රවී ඇති බවට දෙමාපියන් පෙන්වා දෙයි.

මුලතිවු, තුනුක්කායි ප්‍රදේශයේ රජයේ පාසල් 62ක් පවතින අතර එම පාසල් වල සිසුන් 8684ක් දෙනෙකු ඉගෙනුම ලබන බව වාර්තා වේ.

නමුත් පාසල් 62න් පාසල් 47ක් සඳහාම ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය සහ සෞන්දර්ය යන විෂයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් නොමැති බවට අදාළ ලිපියඟ මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top