Sathosa

Mar 04, 2018

'අගමැතිට එරෙහි විශ්වාසභංගය ගේන්නේ එජාපය' - මහින්ද අමරවීර

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට විශ්වාසභංගයක්‌ ගෙන ඒමට කටයුතු කරනු ලබන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ බවත් ඊට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කිසිදු සම්බන්ධයක්‌ නොමැති බවත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

'දිවයින' පුවත්පතට ප්‍රකාශයක් දෙමින් ඔහු එබව සඳහන් කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත බව කියන විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සහයෝගය ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කරනු ලබන්නේ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය මත බව ද ඇමැතිවරයා කියා සිටියි.

කෙසේ වුවද රටට අහිතකර තීන්දු තීරණ ගැනීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය කිසිවිටෙකත් කටයුතු නොකරන බව ද සඳහන් කර තිබේ.

ඉදිරි සතියේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සුළු අමාත්‍ය මණ්‌ඩල සංශෝධනයක්‌ සිදු වෙන බව කී ඇමැතිවරයා ඉන් පසුව දැනට පවතින දේශපාලන අස්‌ථාවර භාවය සමනය වී පැහැදිලි දේශපාලන වාතාවරණයක්‌ රට තුළ ඇති වන බවද පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top