Pasidol
Sathosa Ad Final Sinhala
Dec 07, 2016

යාපනය පුස්තකාලය ගිනිතැබීම : අගමැති සමාව ගනියි Featured

1981 වසරේ යාපනයේ පුස්තකාලය ගිනිතැබීම සම්බන්ධයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජය වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා එසේ සමාව ඉල්ලා සිටියේ උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳ ඊයේ  (දෙසැ.06) පාර්ලිමේන්තුවේදී ඇතිවූ උණුසුම් වාදයක් අතරතුරදීය.

"අපේ කාලේ පුස්තකාලේ ගිනි තිබ්බා. අපි ඒ ගැන කනගාටු වෙනවා, සමාව ඉල්ලනවා" අගමැතිවරයා පැවසීය.


ඒකාබද්ධ විපක්ෂයට චෝදනා :

පසුගිය ආණ්ඩුව සමයේ සිදුවීම් සම්බන්ධයෙන් ද එසේ සමාව ගන්නා ලෙස අගමැතිවරයා ඉන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

රවිරාජ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙන්ම යාපනයේ මාධ්‍යවේදීන්ගේ ඝාතන සිදුවීම් සම්බන්ධයෙන් ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ඒකාබද්ධ විපක්ෂයට චෝදනා කළේය.

comment (1)

  • නිමාලි

    තව ට්කක් පරක්කු වේලා කිවුවනම් තමයි හොද

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top