Pasidol
Sathosa Ad Final Sinhala
Mar 06, 2018

තෙල්දෙණියේ සිද්ධියට මහින්දගේ සම්බන්ධය කැබිනෙට්ටුවේදී හෙළිවෙයි !

තෙල්දෙණිය හා පල්ලෙකැලේ පොලිස් බල ප්‍රදේශයන්හි නොසන්සුන්කාරී තත්ත්වය පොලිසිය විසින් පාලනය නොකර මඟහැරීම පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වූ බවට සැක මතුව ඇති බව අද (06) කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී හෙළිදරව්වී තිබේ.

අදාළ තත්ත්වයන් හෙළිව ඇත්තේ බුද්ධි අංශ විසින් ලබාදී ඇති වාර්තා අනුවය.

මේ ගැටුම පිටුපස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන්නන් සිට ඇතැයි ද පැවසේ.

විශේෂයෙන් තෙල්දෙණියේ සහකාර පොලිස් අධිකාරීවරයා හිටපු ජනපතිවරයාගේ සමීපතම අයෙකු බව පැවසේ. ඔහු කලක් තංගල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාව සිට ඇති බවද හෙළිව තිබේ.

එසේම, දිගන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද රාජපක්ෂ වාදියකු බවත්, ඔහුද සූරියවැව පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස කලක් කටයුතු කළ අයෙක් බව ද පැවසේ.

මේ අතර අප කැබිනට් අමාත්‍යවරයකුගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ “ මේ සැලසුම භීතිය, අස්ථාවරත්වය හා ගැටුම්කාරී වාතාවරණය තුළින් වීරයා නැවත කරළියට ගෙනඒමේ ප්‍රයත්නයක් බව මේවන විට තහවුරු වෙමින් ඇති” බවයි.

අවස්ථාවාදී දේශපාලනය තුළින් බලය ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් මේ හරහා ක්‍රියාත්මකව ඇතැයි ද, පසුගිය කාලයේ පිරිසක් කඩු රැගෙන රඟපෑවේ මෙහි අත්තිවාරම දැමීමට යැයිද ඔහු චෝදනා කළේය.

දේශපාලන වාසි ලබාගැනීමට ජාතිවාදය වපුරන දේශපාලකයන්ගෙන් ප්‍රවේශම්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ අතර, මධු මාධව අරවින්ද විසින් සිය ෆේස්බුක් පිටුවේ පලකර ඇති සටහනක් සම්බන්ධයෙන්ද බුද්ධි අංශවල අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

එම සටහන ඡාතිවාදය අවුලන සුළු එකක් බවට මේවන විට චෝදනා එල්ලවී තිබේ.

අදාළ සටහන පහත දැක්වේ.

77f87b1a fc24 44d5 9519 96c38ad4eb7d

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top