Dec 07, 2016

"දා බිදු මුතු" වෙළඳ ප්‍රදර්ශනය බත්තරමුල්ල දියත උයනේදී.. (ඡායා)

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කරන “දා බිඳු මුතු” සමෘද්ධි වෙළඳ ප්‍ර‍ර්ශනය බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී පැවැත්වේ.

මෙය දෙසැම්බර් ඊයේ (06දා) ආරම්භ වූ අතර අද (07දා) හා හෙට (08) යන දිනවලදී ද පැවැත්වේ.

එහි සමාරම්භක උත්සවය ඊයේ එනම් දෙසැම්බර් (06දා) පෙරවරු 9.00 ට බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවැත්වුණි.

මෙය සංවිධානය කරනු ලබන්නේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අලෙවි අංශය මඟිනි.

සමෘද්ධි ව්‍යාපාරය මඟින් මේ වන විට අඩු ආදායම්ලාභි ජනතාවට සහනාධාර ලබාදෙමින්, යටිතල පහසුකම් නංවමින්, බැංකු ක්‍රමයකට ජනතාව හුරු කරමින්, ක්ෂුද්‍ර මූල්‍ය ණය සපයමින් දිවයින පුරා ලක්ෂ පහකට වැඩි ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් පිරිසක් බිහිකර ඇත.

සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට වෙළෙඳපොල අවස්ථා

ඔවුන්ගෙන් වැඩි පිරිසක් සුළු පරිමාණ ව්‍යාපාරිකයන් ය. වෙළඳපොලෙහි ඇති දැඩි තරඟකාරිත්වය නිසාම ස්ථාවර වෙළෙඳපොලක් සකස්කර ගැනීම හා වෙළෙඳපොළ පුළුල් කරගැනීම ඔවුන්ට ඇති ප්‍රධාන ම අභියෝගය විය. සමෘද්ධි වැඩසටහන ගැන උපරිම විශ්වාසය තැබූ ඔවුන් වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඔවුන්ට වෙළෙඳපොල අවස්ථා උදාකර දීම සමෘද්ධි “දා බිදු මුතු” ජාතික වෙළෙඳ ප්‍රදර්ශනයේ මූලික අරමුණයි.

මේ සඳහා සහභාගි වන ව්‍යවසායකයන් අතුරින් හොඳම ව්‍යවසායකයන් 10 දෙනකු තෝරාගෙන ඒ අයට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම මෙහිදි සිදු වේ.

නිෂ්පාදන රැසක් පහසු මිලට

මෙම වෙළෙඳ ප්‍රදර්ශනයෙන් ඔබට, අත්කම් නිෂ්පාදන, අත්යන්ත්‍ර නිෂ්පාදන - සාරි, බෙඩ් ෂීඩ්, මේසරෙදි හා අත්පිස්නා ,එළවළු පැල හා විසිතුරු පැල කම්මල් උපකරණ, කජු , කුළුබඩු නිෂ්පාදන, චිත්‍ර නිර්මාණ ,ගෘහ භාණ්ඩ , ධාන්‍ය වර්ග ඉතා පහසු මිලට මිලදී ගත හැක.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top