Pasidol
Sathosa Ad Final Sinhala
Mar 10, 2018

බ්ලොක් කළ හා පොලිස් ඇස ගැසුණ FB මෙන්න Featured

දිගින් දිගටම ජාතිවාදී ගිනිදැල් ඇවිලීමට කටයුතු කළ ෆේස්බුක් පිටු 4ක් මේවන විට වසා දැමීමට ෆේස්බුක් ආයතනය කටයුතු කර තිබේ.

ඒ අමිත්ත වීරසිංහගේ මහ සොහොන් බලකාය, මරිසිපාල, රාවනා හා ලෙල්ල හුටං යන ෆේස්බුක් පිටු තුනයි.

මේ අතර පහත සඳහන් ෆේස්බුක් පිටුවල ජාතිවාදය අවුස්සන සුළු වැකි පලකර ඇති හා මතහදන වැකි පලකර ඇති ෆේස්බුක් පිටු කිහිපයක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇති බව පැවසේ.

එම පිටු මෙසේය.

මචං

තෙල්දෙණිය ප්‍රදේශයේදී මියගිය තරුණයාගේ ඡායාරූප පලකරමින් ජාතිවාදී අදහස් ඉස්මතු කිරීම.

සම්පත් අතුකෝරාළ - මහනුවර සිදුවීම් ආණ්ඩුව විසින් සැලැසුම් කරන ලද සහ පතුරුවාහරින ලද තත්ත්වයක් බව පවසමින් සටහන් පල කිරීම.

ලොකු අයියා බැකප්

ලෙකු අයියා පිටුව අක්‍රියවීම හේතුවෙන් එය නැවත ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

මැඩිල්ලේ පඤ්ඤාලෝක

aa madilla2

aa madilla4

මෙම හිමිනම විසින් පසුගිය කාලයේදී මුස්ලිම් ආගමට සම්බන්ධ සංකල්ප කෙරෙහි දැඩි අන්තගාමී ප්‍රකාශ පල කර ඇති අතර එම ප්‍රකාශ කෙටි කාලයක් තුළදී බහුලව බෙදාහැර (Shares) ඇති බවද හෙළිව තිබේ.

වාව් අයියා - Wow Aiya

මේ පිටුව ඊයේ (09) දිනයේදී ක්‍රියාකාරී වී නොමැති වුවද, ඊට පෙර අඹතැන්න බෝම්බ ප්‍රහාරයට හසුවී මරණයට පත්වූ පුද්ගලයන්ගේ ඡායාරූප සහති සටහන් පළකර ඇති බව නීරීක්ෂණය වී තිබේ.

මහින්ද පතිරණ

aa mahinda pathirana

aa mahinda pathirana2

තෙල්දෙණිය සිද්ධියට සම්බන්ධ වගකීම ආණ්ඩුව භාරගතයුතු බව දක්වමින් සටහන් තබා ඇතත් ඔහු ජාතිවාදය අවුස්සන සුළු සටහන් හෝ ජායාරූප පල කර නැති බව නීරීක්ෂණය කර ඇති බව පැවසේ.

රජිත් කීර්ති තෙන්නකෝන්

සිය ෆේස්බුක් පිටුවේ තෙල්දෙණිය පිළිබඳ ඡායාරූප හා අදහස් ඉදිරිපත් කරමින් සිටිත බව නීරීක්ෂණය කර තිබේ.

එසේම තත්ත්වය සමතයකට පත්විය යුතු බවටත් සටහන් පළකර ඇති බව නිරීක්ෂණය වී තිබේ.

මහින්ද ෆෝ බ්‍රයිටර් ෆියුචර් (Mahinda for Brighter Future)

a3 news

තෙල්දෙණිය සිදුවීම සම්බන්ධ ඡායාරූප, පෝස්ට් හා වීඩියෝ අඛණ්ඩව යවත්කාලීන කරමින් සිටින බව හඳුනාගෙන ඇති බව පැවසේ. එහි දෙරණ හා හිරු නාලිකාවල විකාශය වූ වීඩියෝ පලකරන බවද නිගමනය කර ඇත. මේ තත්ත්වය ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා සිදුවූ වක් බවටද එහි සටහන් කලකර ඇති බව නීරීක්ෂණය කර ඇත.

මේ අතර, පොලිස් මිතුරෝ නම් ෆේස්බුක් පිටුව ජාතිවාදී ගැටුම්කාරී තත්ත්වයන් මැඩපැවැත්වීමට ක්‍රියාත්මකවන සමූහයක් ලෙස ද හඳුනාගෙන තිබේ. කෙසේවුවද, එහි පොලිසියේ අවධානය යොමුවිය යුතු පුද්ගලයන් බව පවසමින් ජාතිවාදය හුවාදක්වන පුද්ගලයන් ගැන තොරතුරු හා සටහන් පලකරමින් සිටින බවද නිරීක්ෂණය කර ඇත.

ප්‍රවණතා

මේ අතර අමිත්ත විරසිංහ මෙන්ම ජාතිවාදය අවුස්සන හා පතුරුවන අනෙක් පිරිස් අත්අඩංගුවට ගතයුතු බව පවසමින් සටහන් පලවීමද ෆේස්බුක් හි ප්‍රවණතාවක් වී ඇති බව අධ්‍යනයකර ඇතැයි වාර්තා වේ.

එසේම සුමනරතනහිමියන්, ගලගොඩත්තේ ඥානසාර හිමියන්, ආනන්ද සාගර හිමියන්, අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් වැනි අය එසේ අත්අඩංගුවට ගතයුතු අය ලෙස දක්වා ඇත.

සමාජ ජාල අවහිරය නිසා ජාතිවාදී සටහන් හා ජායාරූප පලවීම හා බෙදාහැරීම අඩුවීමේ ප්‍රවනතාවයක් ඇති බවද, අන්තර් ජාල අධ්‍යනය කරනු ලබන රජයේ පාර්ශව දන්වා ඇති අතර ජාතිවාදයට එරෙහි මතයක්ද එහි පැලවී ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.

කෙසේවුවද, සමාජ ජාල අවහිර කර තිබුණද VPN (Virtual Private Network) හරහා ඒවා නරඹන බවද ඔවුන් පසක්කරගෙන ඇත.

(මේ නිරීක්ෂණ ඊයේ (09) දිනය පදනම් කරගෙන සිදුවූවකි.)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top