Mar 10, 2018

ආණ්ඩුව සමාජ ජාල ජර්මන් පිලිපීන ක්‍රමයට වහන්න යයි !

සමාජ ජාල මාධ්‍ය පාලනය කිරීම සඳහා ජර්මනිය, පිලිපීනය අනුගමනය කරන තාක්ෂණ උපක්‍රම පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන්හට පුහුණුවක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි ලක්බිම වාර්තා කර තිබේ.

එම පුහුණුව ලබාදෙන්නෙ ජාතිවාදී ස්වරූපයෙන් ඇතිවන කෝලාහලවලදී භාවිතා කිරීමට බවද එහි දැක්වේ.

ඊට අමතරව චීනය විසින් සමාජ ජාල මාධ්‍ය පාලනය කිරීමට ගන්නා ලද සැලසුම් පිළිබඳව රජය එරටින් උපදෙස් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් උපදෙස් දීමට චීන රජය එකඟතාවය පළකර ඇති බවද වාර්තා වේ.

ඒ අනුව දීර්ඝකාලීන ක්‍රියාමාර්ගයක් ලෙස චීනය විසින් සමාජ ජාල පාලනය සඳහා ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කිරීමටද රජය සැලසුම් කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top