Pasidol
Sathosa Ad Final Sinhala
Mar 13, 2018

සුළං සැරයි - බලාගෙනයි

දිවයිනට නිරිත දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන්, හම්බන්තොට සිට ගාල්ල සහ කොළඹ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ සමග සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. 70-80 පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශය රළු වීමට වැඩි හැකියාවක් පවතී.

මේ හේතුවෙන් ධීවර සහ නාවුක ප්‍රජාවට ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top