Pasidol
Sathosa Ad Final Sinhala
Mar 13, 2018

'සමාජ ජාලා මාධ්‍ය අමතක කර රටකට ගමනක් නැහැ' - චම්පික

සමාජ ජාලා මාධ්‍ය අමතකර කර රටකට ගමනක් නොමැති බවත්, ලොව ඇතිවී ඇති 4 වන කාර්මික විප්ලයේ ප්‍රධානම ක්‍රියාවලිය වන්නේ නව තාක්‍ෂණ ක්‍රියාවලිය එකකට එකක් මුසුවී කටයුතු කිරීම බවත්, එනම්, නැනෝ තාක්‍ෂණය, රෝබෝ තාක්‍ෂණය, චන්ද්‍රිකා තාක්‍ෂණය ඇතුලූ සියල්ල අන්තර්ගත කරමින් සැදුනු නව තාක්‍ෂණ යුගයක බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක අද (13) දින පැවති ජාතික හෙළ උරුමයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළේය.

සමාජ ජාලා මාධ්‍ය මගින් යම් වරදක් සිදුවේ නම් පවතින නීතිය යටතේ හෝ නව නීති යටතේ සෑම පියවරක්ම ගැනීම රජයක වගකීමක් බව පැවසු ඇමතිවරයා, ඒ වගේම රටක් වශයෙන් අපගේ තාක්‍ෂණික උපකරණ ශක්තිමක් කළ යුතු

බවද එහිදී කියා සිටියේය.

‘‘සමාජ ජාලා මාධ්‍ය අවහිරය වහාම ඉවත් කළ යුතුයි’’

මහනුවර දිස්ත්‍රීක්කයේ ඇතිවූ කළබලකාරී තත්ත්වය යටතේ සමාජ වෙබ් අඩවි ජාලා මාධ්‍ය අවහිර කිරීමට රජයට සිදුවූ බවත්, මේ වන විට ගැටුම් සමථයකට පත්වී ඇති බැවින් එම මාධ්‍යය යථා තත්ත්වයට පත්කිරීම පිළිබඳ කඩිනම් පියවරක් ගත යුතු බව ද ඇමතිවරයා කියා සිටියේය.

සමාජ ජාලා මාධ්‍ය යොදා ගනිමින් ආගම්වාදී, වර්ගවාදී ගැටුම් ඇතිවන අයුරින් ප්‍රචාරය කරන අයවලූන්ට දැඩි දඬුවම් ක්‍රියාත්මක කළ යුතු බව එහිදී පැවසු ඇමතිවරයා, ඇත්ත, බොරුව, මුලාව, රැවටීම, සියල්ල අන්තර්ගත සමාජ ජාලා මාධ්‍යන්හි සිදුකරන ප්‍රචාරයන්ට රජය ක්‍ෂණික ප්‍රතිචාර දැක්විය යුතු බවද අවධාරණය කර සිටියේය.

විදුලි සංදේශන කොමිෂන් සභාව මගින් ගැටුම්කාරී අවස්ථාවේදී ගත් පියවර ගැන එකඟ වන බවත්, මෙවැනි තත්ත්වයන් බටහිර රටවල පවා ඇතිවන අතර, වෙනත් රටවල එස්.එම්.එස්. පණිවුඩ පවා අවහිර කිරීමට එම රජයන් කටයුතු කරන ඇති බවත් ඔහු පැහැදිලි කළේය.

විශේෂයෙන් ගැටුමක් ඇතිවූ අවස්ථාවේ ඇඳිරි නීතිය පැනවීමෙන් ගැටුම්වලට සම්බන්ධ නැති 99%ක්ම අපහසුතාවයට පත්වන අතර, ඒ අනුව සමාජ ජාලා මාධ්‍ය තුළත් සමාජ ජාලා මාධ්‍ය අවභාවිතා නොකළ පිරිස්වලටත් මෙමම අපහසුතාවය බලපා තිබෙන නමුත්, ගැටුම් සමථයකට කිරීමට එවැනි ක්‍රියාමාර්ග කිරීමට රජයන්ට සිදුවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ වන විට පවතින ගැටුම් තත්ත්වයන් අවසන් වී තිබෙන තත්වයක් තුල ඒ පිළිබඳ පශ්චාත් ක්‍රියාවලිය ශක්තිමත් කරන අතරේ සමාජ වෙබ් අඩවි ජාලා වෙත පනවා තිබෙන බාධක මේ මොහොතේ ඉවත් කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටීයේය.

අත්අඩංගුවට ගත් අයගේ දේශපාලන පැටිකිරිය ?

එසේම, මේ සම්බන්ධයෙන් පියවර ගණනාවක් ගන්නා ලෙස යෝජනා කර සිටි ඇමතිවරයා, පළමුවෙන්ම මෙම ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස් හා අත්අඩංගුවට පත්වූ පිරිස් පිළිබඳ වහාම පියවර ගෙන මෙම පිරිස් සම්බන්ධ දේශපාලන පක්‍ෂ, සංවිධාන පිළිබඳ චෝදනා තිබෙනවා නම් ඒ පිළිබඳ වහාම රටට හෙළිකළ යුතු බවද කියා සිටියේය.

ඒ පිළිබඳ විවිධ මාධ්‍යයන් අසත්‍ය ප්‍රචාරයන් පතුරවමින් තව තවත් මේ ප්‍රශ්නය සංකීර්ණ කිරීමට ව්‍යාජ තොරතුරු භාවිතා කරමින් සිටින අතර, පොලීසියට වගකීමක් තිබෙනවා තමන් මෙතෙක් සොයාගත් තොරතුරුවලින් ජනතාවට සත්‍යය හෙළි කිරීමට, මෙම තත්ත්වය තවත් යට නොගසමින් ඇසින් දුටු සාක්‍ෂි, තාක්‍ෂණික මෙවලම් භාවිතා කරමින් ලබාගත් සාක්‍ෂි උපයෝගී කරගනිමින් දැඩි දඬුවම් ලබාදිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මෙසේද පැවසිය.

කිසිවෙක් නොසිතූ පරිදි තාක්‍ෂණයේ නව තත්ත්වයවක්:

''වර්තමානයේ බොහෝ පිරිසකට නවීන තාක්‍ෂණය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැත. මීට දශකයකට පෙර අපි කිසිවෙක් නොසිතූ පරිදි තාක්‍ෂණයේ නව තත්ත්වයවක් ඇතිවී ඇත.

අද වර්තමානයේ ව්‍යාපාර සියල්ලම පාහේ අන්තර්ජාලය පදනම් කරමින් කටයුතු කරනවා. ලෝකයේ විශාලම හෝටල් කාමර වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය, විශාලම ටැක්සි සමාගම, භාණ්ඩ අලෙවි කිරීමේ සමාගම් සියල්ලම පවතින්නේ අන්තර්ජාලය හේතුවෙන්.

නව කාර්මික විප්ලවයේ නව පදනමත් සමග භාණ්ඩ නිපදවීම සිදුකරන්නේ ද අන්තර්ජාලය හරහා. අද කර්මාන්ත ශාලා වෙනුවට ගෘහ ආශ්‍රීතව භාණ්ඩ නිෂ්පදනය කරමින් එම භාණ්ඩ අලෙවි කිරීම් අන්තර්ජාලය හරහා සිදු කරනවා.

ඒ වගේම අපේ රටේ අඩුවෙන් සිදු වුණාට ලෝකයේ විශාල වශයෙන් මූල්‍යමය කටයුතු සිදුකරන්නේ අන්තර්ජාලය හරහා. සමාජයීය ගනුදෙනු, අධ්‍යාපනය පැත්තෙන් සිදුවන දැනුම බෙදා දීමේ ක්‍රියාවලිය ද, අන්තර්ජාලය හරහා වැඩි වශයෙන් සිදුවනවා.

මෙරටත්, අන්තර්ජාතිකවත් සාමාන්‍ය ජනතාව සමාජ ජාලා මාධ්‍ය සමාජ හිතකර පැත්තකට යොමුකරගෙන ඇති බව පැහැදිලියි.''

ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටිය යුතුයි :

එසේම, සමාජ ජාලා මාධ්‍ය මගින් සිදුවන වැරදි ප්‍රචාරයන්, අවභාවිතයන් පිළිබඳ පැමිණිලි කිරීම හා ක්‍ෂණිකව ක්‍රියාත්මක කිරීමට රජයේ නිෂ්චිත වගකිවයුතු අංශ වහාම ප්‍රතිචාර දැක්විය යුතු බවත්, බොහෝ රටවල නායකයන් සමාජ ජාලා මාධ්‍යන්හි ප්‍රචාරය කරන විවිධ මතවාදයන්ට පිළිතුරු දීමට කාලය වෙන්කර ඇති අතර, අපගේ නායකයන්ට එසේ කාලයක් නොමැති නම් ජනමාධ්‍ය අමාත්‍යාංශය හා පොලීසිය මේ වෙන්වෙන් ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටිය යුතු බවත් ඇමතිවරයා කියා සිටියේය.

පුවත්පත් මගින් හෝ සම්ප්‍රදායික ක්‍රම මගින් අර්බුදකාරී තත්ත්වයකදී ප්‍රතිචාර දැක්වීමේදී සිදුවන දේ සිදුවී හමාර බවත්, ඒ අනුව, ලෝකය සමග ඇති තත්ත්වයට වත්මන් රජය ඔසවා තැබිය යුතු බවත්, ඒ අනුව, මේ වන විට අවහිර කර ඇති සමාජ ජාලා මාධ්‍ය බාධකය වහාම ඉවත් කරන ලෙසත්, එම මාධ්‍ය අවභාවිතා කරන්නනන්ට දැඩි දඩුවම් ලබා දිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top