Pasidol
Sathosa Ad Final Sinhala
Mar 14, 2018

නව දරු උපත් වාර්තාවක් ශ්‍රී ලංකාවෙන්

"සෑම දරුවෙක්ම ජීවත් කරවමු"මැයෙන් පසුගිය සතියේ එළිදැක්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනිසෙෆ් වාර්තාවේ අඩු මධ්‍යම අදායම් රටවල් 52 ක් අතුරින් හොදම නව ජන්ම මරණ අනුපාතය වාර්තා කරමින් ශ්‍රි ලංකාව ප්‍රථම ස්ථානයට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ නව ජන්ම මරණ අනුපාතය සජීවී දරු උපත් 1000 කට 5.3 ක් වන විට එම මරණ අනුපාතය දුර්වලම රට වන පාකිස්ථානයේ එය 45.6 කි. ඉන්දියාවේ 25.4 ක් සහ බංගලාදේශයේ 20.1 ක් වෙයි.

"ශ්‍රි ලංකාවේ නව ජන්ම මරණ අනුපාතය තායිලන්තය, තුර්කිය, බ්‍රසීලය වැනි බොහෝ ඉහළ මධ්‍යම ආදායම් රටවල්වලට ද වඩා උසස් මට්ටමක පවතියි. එය සෞදි අරාබිය, චීලී වැනි ඉහළ ආදායම් රටවල්වලට වඩා වැඩි වෙයි.ඇමරිකාව කුවේට් වැනි ඉහළ ආදායම් රටවල් පවා නව ජන්ම මරණ අතින් ශ්‍රී ලංකාවට වඩා ඉහළින් සිටින්නේ ඉතා ස්වල්ප මට්ටමකිනි"යනුවෙන් එම වාර්තාවේ පෙරවදනේ ශ්‍රී ලංකාව ගැන සුවිශේෂි සටහනක් තබා ඇත.

තවද රටක ආදායම් මට්ටම පමණක්ම අලුත උපදින දරුවන්ගේ ජිවත්වීම තීරණය නොකරන බව ද එහි දැක්වෙයි.

ලෝක බැංකුව සහ යුනිසෙෆ් ආයතනය මෑතක දී නිකුත් කළ මෙම වාර්තාවලින් ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ප්‍රසංසාත්මක ඇගයීමකට ලක් කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top