Pasidol
Sathosa Ad Final Sinhala
Mar 14, 2018

කොටියාගලට බඹර ප්‍රහාරයක් (ඡායා)

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ පහළ කොටසේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප‍්‍රහාරයකින් තුවාල ලැබූ වතුකම්කරුවන් පස් දෙනෙකු බගවන්තලාව ප‍්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය කියයි.

අද (14 දා) උදැසන 9.30 ට පමණ තේ පඳුරක් මත බැද තිබූ බඹර කුඩුවක් ඇවිස්සී මෙය සිදුවූ බව තුවාල ලැබූ වතුකම්කරුවන් කියා සිටී.

මෙම බඹර ප‍්‍රහාරයට ලක්වූවන් අතර සිව් දෙනෙකුම කාන්තාවන්ය.

මෙම තුවාලකරුවන් අතරින් සිව්දෙනෙකු බාහිර රෝගි අංශයෙන් ප‍්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර එක් වතුකම්කරු කාන්තාවක් පමණක් නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව බගවන්තලාව රෝහලේ දිස්ති‍්‍රක් වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ ජයසූරිය මහතා පැවසුවේය.

රංජිත් රාජපක්‍ෂ - හැටන් වාර්තාකරු

Hatton2

Hatton3

Hatton4

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top