Pasidol
Sathosa Ad Final Sinhala
Mar 14, 2018

අජිත් පණ්ඩිතරත්න මුතුරාජ වෙළෙන් අක්කර 406ක් පර්චසය 500ට අරන් ! Featured

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් මෙරට ඉතා වැදගත් තෙත් බිම් පද්ධතියක් වන මුතුරාජවෙළ අභය භූමියේ අක්කර 406 ක භූමි ප්‍රදේශයක් නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට මැල්වත්ත ප්‍රොපටි ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගමටඅවසර ලබා දී ඇතැයි පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අදාළ සමාගම අජිත් පණ්ඩිතරත්න මහතාගේ හිමිකාරීත්වයෙන් යුතු බවත්, මෙම සමාගමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික්, සහකාර කොමසාරිස් එම්. එන්. එල්. සදමාලි මහත්මියගේ සහයෝගය හා මඟපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා ගොවිජන සේවා කොමසාරිස් වරයාගේ අනුමැතිය ලබා ගෙන ඇති බවත් එහි දැක්වේ.

ඒ අනුව වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 165ඒ තුඩුව - බෝපිටිය හා 166ඒ කුංජවත්ත යන ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි ව්‍යාප්තව ඇති අභය භූමියට අයත් පුරන් වූ කුඹුරු ඉඩම් ලෙස පවතින තෙත් බිම් ගොඩ කිරීම සඳහා පර්චසයකට රුපියල් පන්සියය බැගින් පර්චස් 65102 ක් සඳහා රුපියල් 3,25,51000 ක මුදලක් මෙම සමාගමෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වෙත ගෙවා ඇති බවද පැවසේ.

මේ සියල්ල සිදු කර ඇත්තේ නීති විරෝධී ලෙස යැයිද එහි වැඩිදුරටත් දැක්වේ.

මුතුරාජවෙළ ලංකාවේ විශාලත ම වෙරළාශ්‍රිත ලවණ වගුරු බිම වන අතර කැළණි ගගේ සිට මීගමුව කලපුව දක්වා විහිදී ඇති මෙහි බටහිර මායිම මුහුදු තීරය වන අතර නැගෙනහිර මායිම මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයයි.

නාගරික හා කාර්මික ප්‍රදේශ ගණනාවක් පුරා ව්‍යාප්ත ව ඇති මෙම තෙත් බිම වගුරු පරිසර හා කඩොලාන පරිසර වලින් සමන්විත වේ.

අතීතයේ සශ්‍රික කුඹුරු යායක් ලෙස ප්‍රචලිත වූ මෙය මුතු මෙන් වටිනා සහල් ලබා දුන් රජුට අයත් වෙල් යාය නිසා මුතුරාජවෙළ නම් වූ බව ජනශැති වල සඳහන් වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top