Pasidol
Mar 14, 2018

ස්විස් ඔසී ගිය සෙට් එකක් හරවා එවයි

නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට සහ ස්විට්සර්ලන්තයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු , එම රටවලින් පිටුවහල් කර අද (14 දා) උදෑසන යළිත් ශ්‍රී ලංකාවට එවා තිබේ.

මෙයින් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු අද (14) දින අලුයම 6.20 ට පමණ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා ඇත.

මීට අමතරව තවත් ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු අද (14) උදෑසන 9.00 ට පමණ ස්විට්සර්ලන්තයේ සිට එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබේ.

මෙම පිරිස සමග එම රටවලට අයත් විශාල ආරක්ෂක භට පිරිසක් ද එම ගුවන් යානාවල පැමිණි බව සඳහන් වේ.

මෙම පිරිස අතර සිංහල මෙන්ම ද්‍රවිඩ ජාතිකයන් ද සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන අතර මොවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව නිදහස් කර හැරීමට නියමිත බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top