Pasidol
Sathosa Ad Final Sinhala
Mar 14, 2018

වට්ස්ඇප් තහනමත් අදින් ඉවරයි

තාවකාලිකව අවහිරකර තිබූ වට්ස්ඇප් තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු පවසයි..
 
මේ අතර වයිබර් සමාජජාලයට ප්‍රවේශවීම සඳහා ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට යළිත් අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබුණි.
 
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙහිදී විශේෂයෙන්ම විදෙස් ගත ශ්‍රමිකයින්ට සිය නිවෙස් සමඟ සන්නිවේදනය කිරීමේදී මුහුණදීමට සිදුවන අපහසුතාවන් මෙන්ම සංචාරකයින්ට සහ ව්‍යවසායකයින්ට සිදුවී ඇති අපහසුතාවන් පිළිබඳව අවධානය යොමුවූ බවයි.
 
පසුගිය දිනවල රටේ ඇතැම් ප්‍රදේශවල කළහකාරී සිදුවීම් හටගත් අවස්ථාවේදී වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීමට ඇතැම් පාර්ශවයන් නීතිවිරෝධී ලෙස සමාජමාධ්‍ය භාවිත කිරීම පාලනය කිරීම සඳහා රජය පසුගියදා කටයුතු කළේය. 
 
සබැඳි පුවත්
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top