Pasidol
Sathosa Ad Final Sinhala
Mar 14, 2018

"ප්‍රචණ්ඩ අන්තවාදය විසඳන්න නායකයින් පිටකොන්දක් හොයා ගන්න ඕන" Featured

සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමේ හේතුව ඇමෙරිකාවේ මාධ්‍ය විසින් විචාරය කළ පමණින් එය වැදගත් පියවරක් නොවන බවත්, සමාජ මාධ්‍ය ජාල සහ පණිවුඩ හුවමාරු මෙවලම් අවහිර කරමින් මුලින් කියා සිටියේ ජාතිවාදී ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට එය යොදා ගත් බවයැයිද, පසුව ජනාධිපති සිරිසේන මහතා කිව්වේ ඒ තීන්දුව ජාතික ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතාවක් නිසා ගත් බව යැයි ප්‍රවීණ මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර ඇති වූ සිදුවීම් දාමයත් සමඟ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රම්, වට්ස්අප්, වයිබර් යන සමාජ මාධ්‍ය සහ පණිවිඩ මාධ්‍ය වෙත ප්‍රවේශ වීම අවහිර කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු මාධ්‍යයේ අවධානය යොමුව තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදීය.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

"සිංහල බෞද්ධ මැර කල්ලි මුස්ලිම් ව්‍යාපාරවලට පල්ලි වලට නිවෙස් වලට කඩා වැදී පහර දීම ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් වෙන්නේ මේ බෞද්ධ හාමුදුරුවරු සහ මැරයින් විදේශ කොන්තරාත්තුවකට ඒ වගේ ප්‍රචණ් ක්‍රියා කරනවා නම් පමණයි. නමුත් නොයෙකුත් දේශපාලන ගණන් හැදීම් තිබුණට” මේ එහෙම ප්‍රචණ්ඩත්වයක් කියලා තවම ඔප්පු වෙලා නැහැ.

මේකෙ මුල තියෙන්නේ සමාජ මාධ්‍ය ජාලවල නෙවෙයි. මේකේ මුල තියෙන්නේ 83 කලූ ජූලිය සඳහා සිංහල බෞද්ධ ජාතිවාදයට පළමුවරට ප්‍රචණ්ඩත්වය එකතු කළ යු.ඇන්.පියේ මහ ලේකම්ද වෙලා හිටිය සිරිල් මැතිව්ගේ සිංහල බෞද්ධ අන්තාවාදයෙහි. ඒකට රාජ්‍ය නායකයා හැටියට සම්පූර්ණ සහාය දුන්න ජනාධිපති ජයවර්ධනගේ දේශපාලනයෙහි’ එයා තමයි කලූ ජූලියට දෙසතියකට කලින් ලන්ඩන් ඬේලි ටෙලිග්‍රාෆ් පුවත් පතට කිව්වේ, එයාට දෙමළ ජනතාව හිතන පතන හැටි වැඩක් නැහැ, දෙමළ ජනතාව බඩගින්නෙ තියන තරමට සිංහල ජනතාව සතුටු වෙනවා කියලා.

ජේ. අර්. ජයවර්ධන - සිරිල් මැතිව් ප්‍රචන්ඩත්වයට උරුමකම් කියන 83 දරුවෝ

JR

එතැනින් පස්සේ ජයවර්ධන - මැතිව් ප්‍රචණ්ඩත්වයට උරුමකම් කියන්නේ ‘83 දරුවෝ. ඔවුන්ව නඩත්තු කරමින් ගෙනාවේ සමාජ මාධ්‍ය ජාල නෙවෙයි. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය. ‘83 දරුවන් සඳහා දකුණේ සිංහල බෞද්ධ අන්තවාදය පදම් කෙරුවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය. පුවත් පත් ගුවන් විදුලි සහ රූපවාහිනි නාලිකා. අදටත් ඒවයේ දායකත්වය වෙනස් වෙලා නැහැ. සමාන්‍ය ජනතාව අතර රැඳෙන්නේ ප්‍රධාන ධාරාවේ කතාවල්. දේ ‘83 දරුවෝ බිහිවුනේ ඒ අන්තවාදී වටපිටාවේ.

ඒ නිසා ට්‍රම්ප් ඇමෙරිකාවේ නොකළ දේ මෙහි කරන්න ගිහින් සිරිසේන ජනාධිපති කරගෙන තියෙන්නේ නැහැය මුක්කං කරගත්තා වගේ වැඩක්. සමාජ මාධ්‍ය ජාල අවහිර කෙරුවට මේ සිංහල බෞද්ධ ප්‍රචණ්ඩත්වය අහෝසි වෙන්නේ නැහැ. ඊළග වටයත් සඳහා ඒක ආණ්ඩුවම ඉතිරි කරනවා. සිංහල බෞද්ධ අන්තවාදයට මේ මොහොතේ උත්තර දෙන්න පුළුවන් ඒ සියලූ සංවිධාන වහා තහනම් කරලා ඒවයේ නායකයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමෙන් පමණයි. ඒකට විරුද්ධවන බෞද්ධයෝ මේ රටේ නැහැ. 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී ඥාණසාරට කළුතර සිංහල බෞද්ධයෝ මනාප දුන්නේ 5,727 යි. ඥාණසාර අත්අඩංගුවට ගත්තම පිකට් කරන්න දුසිම් දෙකක් හිටියෙ නැහැ.

මේක සමාජ මාධ්‍ය ජාල වහලා තියාගෙන විසඳන්න පුළුවන් අන්තවාදයක් නෙවෙයි. මේක රටේ දේශපාලන නායකයින් කොහෙන් හරි පිටකොන්දක් හොයාගෙන විසඳන්න ඕනෙ ප්‍රචණ්ඩ අන්තවාදයක්

ට්‍රම්ප්ටත් බැරි වැඩේ මෛත්‍රී කිරීම

Donald trumpt

මහනුවර ඇති වූ සිදුවීම් දාමයත් සමඟ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රම්, වට්ස්අප්, වයිබර් යන සමාජ මාධ්‍ය සහ පණිවිඩ මාධ්‍ය වෙත ප්‍රවේශ වීම අවහිර කිරීම සම්බන්ධයෙන් ඇමරිකාකානු මාධ්‍යයේ වැඩි අවධානය යොමුව තිබිණි.

එසේම ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී ප්‍රකාශ ප්‍රචාරණය හා ප්‍රසිද්ධියට පත්වීම සම්බන්ධයෙන් ද බොහෝ අදහස් පළ වී තිබිණි.

මේ සම්බන්ධයෙන් විශේෂ ලිපියක් ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.එන්.බී.සී පුවත් සේවයේ පළ වී තිබිණි.

එම ලිපියේ ෆේස්බුක් සමාජ මාධ්‍ය සමාගම එවන ලිපියක් ද පළ වී තිබිණි. ‘ඇමෙරිකාවට බැරි වූ දේ ශ්‍රී ලංකාව කරයි. වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රවෘත්ති නිසා ෆේස්බුක් පේනුව ගලවා දමයි’ යන සිරස්තලය යටතේ එම ලිපිය පළ වී තිබිණි.

එම ලිපියේ සාරාංශ පරිවර්තනයක් මෙහි දැක්වේ.

“ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පෙරණ සහ තෝරා බේරාගැනීමේ පද්ධතිය ප්‍රමාණවත් නැතැයි කියන රටවල් ගොන්නට තවත් රටක් එකතු වී තිබේ. අන්තර්ජාල අන්තර්ගතය වෛරී හා ප්‍රචණ්ඩකාරී බව පවසමින් ශ්‍රී ලංකාව පසුගිය සතියේදී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය සහ පණිවිඩ සේවා තහනම් කිරීමට කටයුතු කළේය.

අන්තර්ජාල සේවා සපයන්නන්ට ඉන්සටග්‍රම්, වට්ස්අප් සහ ෆේස්බුක් යන සමාජ හා පණිවුඩ මාධ්‍යවලට ප්‍රවේශවීම තහනම් කිරීම මගින් රටේ මුස්ලිම් ජනතාවට එල්ල කරන ලද ප්‍රහාරවලට හේතු වූ වූ වෛරී ප්‍රකාශ හා අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වීම වැළැක්වීම ආණ්ඩුවේ අරමුණ විය.

ආණ්ඩුව මෙම තීරණය ගනු ලැබුවේ වෛරී හා අසත්‍ය ප්‍රකාශ ව්‍යාප්ත වීමට වැළැක්වීමට ආණ්ඩුවක් කිසිවක් නොකළ බවට වසර ගණනක් තිස්සේ එල්ල වූ විවේචනවලින් පසුවය.

ශ්‍රී ලංකා රජය ගත් මෙම තීරණය ෆේස්බුක් සමාජ මාධ්‍යවල තිබෙන අනතුරුදායක හානිදායක අන්තර්ගතවලින් තොරවීම කොතරම් දුෂ්කර ද යන්න පෙන්නුම් කරයි. ෆේස්බුක්හි නිවහන ඇමෙරිකාවට ද ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු, වෛරී ප්‍රකාශ ව්‍යාප්ත වීම නවතාලීම දුෂ්කර වී තිබේ.

වහා සිදුවීමට නියමිත ප්‍රචණ්ඩකාරී සිදුවීමකට හේතුවන්නක් හැරෙන්නට ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෑම ආකාරයකම ප්‍රකාශන ආරක්ෂා කිරීම හා භාෂණයේ අයිතිය සුරක්ෂිත කිරීම එලෙස වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රකාශ ව්‍යාප්ත වීම පාලනය දුෂ්කර වී තිබේ.

සී.එන්.බී.සි පුවත් සේවයට මේ කරුණු සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම විද්‍යුත් තැපෑල ඔස්සේ නිවේදනයක් එවා තිබිණි.

එහි මෙසේ දැක්වේ.

“ “වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අපේ සමාගම සතුව පැහැදිලි රෙගුලාසි තිබෙනවා. එහෙත් එම රෙගුලාසි නොතකා දිගින් දිගටම අපේ ෆේස්බුක් වේදිකාව ප්‍රචණ්ඩත්වය වැපිරීම සඳහා යොදාගෙන තිබෙනවා.

එවැනි වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දෙන කරුණු, ප්‍රකාශ ඉවත් කිරීම සඳහා අපි ශ්‍රී ලංකා රජයට සහ රාජ්‍ය නොවන සංවිධාන හා ආයතනවලට සහාය දක්වනවා”

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top