Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Mar 17, 2018

විශ්වාසභංග අස්සේ එජාප පුටු පෙරලියක් ! Featured

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට ගෙන ඒමට අත්සන් ලේඛනයක් සැකසෙමින් තිබියදී, එක්සත් ජාතික පක්ෂයේ පුළුල් ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට තීරණය කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

එහිදී පක්ෂ නායකයා සතු බලතල රැසක් යොවුන් නායකත්වය වෙත බෙදාදීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි ද පැවසේ.

මේ අනුව සජිත් ප්‍රේමදාස, නවින් දිසානායක, රන්ජිත් මද්දුම බණ්ඩාර, අකිල විරාජ් කාරියවසම් හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත පුළුල් බලතල සහිත වගකීම් පවරාදීමට යෝජනාවී තිබේ.

එක්සත් ජාතික පක්‍ෂයේ අන්තර් කාලීන නායක තනතුරක් ඇති කර ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා ඒ සදහා පත් කිරීමට එම පක්‍ෂයට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව ද වාර්තා වේ.

නව නිලධාරීන් මාර්තු 31ට පෙර :

මේ අතර අමාත්‍ය සාගල රත්නායක මහතා පවසන්නේ, එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරීන් මාර්තු 31ට පෙර පත්වෙනු ඇති බවයි.

සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ නව පත්කිරීම් පිළිබඳව පක්ෂය තුළ සාකච්ඡා වට කිහිපයක්ම පැවැති බවයි.

පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු වෙනුවෙන් මෙන්ම රජයේ නව ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීම අගමැතිවරයා කමිටු කිහිපයක් පත්කර ඇතැයි ද ඇමැතිවරයා පවසයි.

Sagala Tweet 17 03 18

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top