ඒ, අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ (07) පැවති ආර්ථික කළමනාකරණ කමිටු රැස්වීමේදීය.
මෙම තීරණයට අදාළ ගිවිසුම් වලට අත්සන් නොකරන්නේ නම් මින් ඉදිරියට ජනමාධ්‍ය අමාත්‍යංශයට තම අමාත්‍යංශයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් නොකරන බවට මුදල් ඇමති රවී කරුණානායක මහතා ද තර්ජනය කර ඇත.
කෙසේවුවද ඊට දැඩි ලෙස විරුද්ධය පළකර ඇති අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා, වත්මන් පාර්ලිමේන්තුවේ කාලය මාස 45ක් බවත් එහෙයින් මාස 60කට අදාලව සිදුකෙරෙන ගිවිසුමක් අනුමත කිරීම තමන්ට අනුමත කල නොහැකි බවත්, විනිවිද පෙනෙන ක්‍රියාවලියකින් තොරව මෙම වාහන ලබා දීමට එකඟවිය නොහැකි බවත් අවධාරණය කර තිබේ.
ඔහුට තනතුරින් ඉවත්ව යන ලෙස අගමැතිවරයා දැනුම්දී ඇත්තේ ඉන් අනතුරුවය.
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙම අවස්ථාවේ සිට ඇතත් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැත.
පරිපාලන සේවයේ ජ්‍යේෂඨ නිලධාරියකුව සිටි නීතිඥ නිමල් බෝපගේ මහතාව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත්කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.
නිමල් බෝපගේ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටුකළ පුද්ගලයකු බව පැවසේ.
( කුලී පදනම මත වාහන ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සහ ජනාධිපති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ලිපිය මෙහි පහතින් දැක්වේ. )
සබැඳි පුවත් :