Pasidol

Sathosa

බිම් මට්ටමින් නැගෙන විරෝධය සලකා බැලිය යුතුයි’ - තිස්ස අත්තනායක බිම් මට්ටමින් නැගෙන විරෝධය සලකා බැලිය යුතුයි’ - තිස්ස අත්තනායක
Mar 19, 2018

මම එළියට බැස්සම එජාපයේ ඡන්ද යාන්ත්‍රණය ඕෆ් වුණා - තිස්ස (වීඩියෝ)

තමා එජාපයෙන් එළියට බැස්සේ ජනාධිපතිවරණයක් වෙනුවෙන් වසර ගණනක් වෙහෙස වී සැකසූ ජනාධිපති මැතිවරණයකට මුහුණදීමේ යාන්ත්‍රණය ඕෆ් කර බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් ප්‍රකාශකර සිටියේ රවී කරුණානායක මහතා එජාප හිටපු නායකයින් යළි පක්ෂයට එක්කර ගැනීමට වහාම කටයුතු කල යුතු බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදීය.

එම කාලයේදී ඡන්ද පොළවල් දොලොස්දහසක් සක්‍රියව තබා ගැනීමට ඒවා මෙහෙයවීමේ ප්‍රධානීන් පත්කර තිබූ බවද ඔහු කියා සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

රනිල්ට එරෙහි විරෝධය සලකා බැලිය යුතුයි !

‍මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායකයාට එරෙහිව බිම් මට්ටමින් නැගෙන විරෝධතාව පිළිබඳව යලි සලකා බැලිය යුතු බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

පසුගියදා මහනුවර ප්‍රදේශයේ ගැටුම් සිදුවූ ප්‍රදේශවල සංචාරයකට එක්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා මේ බව සදහන් කළේය.

මෙහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ දිනෙන් දින එක්සත් ජාතික පක්ෂය ජනතාවගෙන් ඈත්වෙමින් පවතින පක්ෂයක් බවට පත්ව ඇති බවයි.

මේ අතර තිස්ස අත්තනායක මහතා මහතා නැවත එක්සත් ජාතික පක්ෂයට එක්කර ගතයුතු බව එම පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා පවසයි.

පසුගියදා මහනුවර අවට ඇති වූ අවාසනාවන්ත සිදුවීම්වලින් දේපළ හානි සහ ජීවිත හානි සිදුවීම සමග තිස්ස අත්තනායක මහතා එම ප්‍රදේශයේ සංචාරයක යෙදෙමින් ඒ පිළිබද සොයාබැලූ ආකාරය පහත ඡායාරූප වලින් දැක්වේ

සබැඳි පුවත් :
සිරිසේන, තිස්ස, රුක්මන්, ඉමිතියාස් යළි එජාපයට !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top