Pasidol

Sathosa

Mar 19, 2018

රුවන්ගේ වාර්තාව එළිදකියි : රනිල්ගේ අනු ප්‍රාප්තිකයා කව්ද ?

එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ මහ ලේකම් ඇතුළු සියලුම ප්‍රධාන තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය විය යුතු යැයි, එම පක්ෂයේ ප්‍රතිසංවිධානය කෙසේ සිදු විය යුතු ද යන්න සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා පත් කළ රුවන් විජයවර්ධන කමිටු වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

මේ නිර්දේශ ඇතුළත් රුවන් විජයවර්ධන කමිටු වාර්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මැදුරේදී තව සුළු මොහොතකින් පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නිල වශයෙන් භාර දීමට නියමිතය.

අලුතින් පත්කරන අය ගැන නිහඬයි ;

මේ වාර්තාවේ විශේෂත්වය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ සියලුම ප්‍රධාන තනතුරු වහාම සංශෝධනය විය යුතු බව අවධාරණය කර සිටියත් ඒ තනතුරු සඳහා පත් කළ යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර නොතිබීමය.

එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ නායකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කළ යුතු බව පෙන්වා දෙන රුවන් විජයවර්ධන කමිටුව එසේ කළොත් අනාගතයේදී පැහැදිලිව සිදු වන්නේ කුමක් ද යන්න පිළිබඳව ඇති වන අවබෝධය නිසා පාක්ෂිකයින් අතර තිබෙන සැක සංකා, අවිනිශ්චිතා සහ තර්ක විතර්ක පහව යනු ඇතැයි ද විශ්වාසය පළ කර සිටියි.

සිංහල - බෞද්ධ නායකයින් ?

සිංහල,මුස්ලිම් සහ දෙමළ ඇතුළු ඒ ඒ ජන වර්ග අනුව එක්සත් ජාතික පක්ෂය සිය පක්ෂයෙන්ම නායකයන් බිහි කළ යුතු යැයි පෙන්වා දෙන මේ කමිටුව පක්ෂය බෞද්ධ නායකයින් අලුතින් බිහි කරමින් ඒ අයට වගකීම් පවරා ශක්තිමත් කර ඉදිරියට ගත යුතු යැයි ද යෝජනා කර සිටියි.

එමෙන්ම සියලුම මහා ජන නියෝජිතයින් වෙත පක්ෂයේ වගකීම් බෙදා දිය යුතු යැයි සඳහන් කරන රුවන් විජයවර්ධන කමිටුව එවිට සියලුම මන්ත්‍රීවරුන් සෑම අවස්ථාවකම දේශපාලනික වශයෙන් පක්ෂය සමග ක්‍රියාකාරී ලෙස බැදී සිටිනු ඇතැයි ද වැඩි දුරටත් කියා සිටියි.

(lankanewsweek.com)

සබැඳි පුවත් :
එජාප ප්‍රතිසංවිධාන වාර්තාව හෙට : 'ලොකු වෙනසක් සිදුවේවි'

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top