Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 08, 2016

ට්‍රැෆික් නිසා දවසට බිලියනයක් පාඩුයි

මාර්ග තදබදය නිසා දිනකට රුපියල් බිලියනයක් රටට අහිමි වන බවත්, එය දළ දේශීය නිෂ්පාදනයෙන් 3% ක් බවද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, බත්තරමුල්ල වෝටර්ස් ඒජ් ආයතනයේ පැවති, ජාතික රුපවාහිනිය මගින් සංවිධානය කළ පරිස්සමින් ගිහින් එන්න වැඩ සටහනේ සමාප්ති උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

දැන්වත් බස් රථ සේවය, දුම්රිය සේවය දියුණු කළ යුතු බවත් එසේ නොකරන තාක්කල් අධිවේගි මාර්ගවලට කොපමණ මුදල් යට කළත් ප‍්‍රවාහන ප‍්‍රශ්නය විසදිය නොහැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

''2009 යට පෙර ත‍්‍රස්තවාදි යුද්ධය නිසා වසරකට ජීවිත 3000 ක් පමණ රටට අහිමු වුණා. 2009 දී යුද්ධය සම්පූර්ණයෙන් අවසන් කළත්, දැන් අලුත් ගැටුමක් මහා මර්ගයේ ඇතිවෙලා තියෙනවා වසරකට තුන් දාහක් පමණ මාර්ග අනතුරු නිසා මිය යනවා. සමාජ දර්ශකවලින් අපේ රට කලාපයේ අනිත් රටවල්වලට වඩා ඉදිරියෙන් හිටියත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව කලාපයේ අනිත් රටවලට වඩා පසුපසට ගොස් තිබෙනවා.

කෙටි, දිගු කාලීන විසඳුමක් ලෙස අධිවේගී මාර්ග හදන අතරේ විධිමත් මාර්ග සැලසුම්කරණයකුත් සමග පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කිරීමට අවධානය යොමු කළ යුතුයි.

කෙටි කාලීන විසඳුම් ලෙස මාර්ගයේ විනය ඇතිකළ යුතුයි. සියළුම රිය පදවන්නන් මාර්ග නීතියට ගරු කළ යුතුයි. එහිදී පොදු ප‍්‍රවාහණයට මුල්තැන දිය යුතුය. බස්රථවලින් සෙනග ප‍්‍රවාහනය ඉතා වැදගත්. පුද්ගලිකව ප‍්‍රවාහනය කරනවාට වඩා මුල්තැන දිය යුත්තේ එම කාර්යටයි. එයත් මාර්ග විනයට ඇතුළත් කළ යුතුයි.''

යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top