Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Mar 21, 2018

පියා හා මාළු අල්ලන්න ගොස් මියගිය සිසුවාගේ සිරුර ගොඩ ගනියි (ඡායා)

පියා සමඟ මාළු ඇල්ලීමට ගොස් වතුර වලක වැටී අතුරුදහන්ව සිටි සිසුවාගේ සිරුර නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් අද (21) ගොඩගෙන තිබේ.

මෙසේ ගොඩගනු ලැබුවේ මස්කෙළිය හපුගස්තැන්න තේ වතුයායේ පදිංචි විජයකුමාර් කෙලෙයිරාමා නැමැති 13 හැවිරිදි සිසුවාගේ සිරුරය.

එම දරුවා මස්කෙළිය ලකෙඹි දෙමළ මහා විද්‍යාලයේ 07 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියදී මේ අනතුරට ලක්විය.

ඊයේ (20) පස්වරු 4.00 ට පමණ කැනියොන් ජල විදුලි බලාගාරය ආසන්නයේ අධි ආරක්‍ෂක කලාපයේ පිහිටි කැළණි ගගේ නුගේ වළ ප්‍රදේශයෙන් මාළු ඇල්ලීමට යමින් සිටියදී මෙම සිසුවා ලිස්සා වැටි ඇති බවත් සිසුවාගේ කෑ ගැසීමට ඒ අසල මාළු අල්ලමින් සිටි සිසුවාගේ පියා පුතා බේරාගැනීමට ජලයට පැන තිබේ.

එහිදී දෙදෙනාම ජලයේ ගිලී ඇති අතර පියාගේ කෑගැසීමට ඒ අසල කැළයේ දර කඩමින් සිටි පිරිසක් පැමිණ ගසක අත්තක් කඩා වලට දැමීමෙන් අනතුරුව පියා පමණක් අත්තේ එල්ලී ජලයෙන් ගොඩට ගැනීමට හැකි බව දියේ ගිලි මියගිය සිසුවාගේ පියා මස්කෙළිය පොලිසිය වෙත පවසා ඇත.

එම සිසුවා වැටුණු වල අධික ගැඹුරක් සහිත නිසා එම සිරුර සොයා ගැනීමට මස්කෙළිය පොලිසිය නාවික හමුදාවේ සහයෝගය ඉල්ලා තිබුණි.

නාවික හමුදාවේ සහයෝගය මත ගොඩගත් සිරුර මහේස්ත්‍රාත් පරික්‍ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්‍ෂණය සදහා නාවලපිටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධීපති පොලිස් පරික්‍ෂක ටිරෝන් රත්නායක මහතා කීය.

රංජිත් රාජපක්‍ෂ - හැටන් වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top