Mar 22, 2018

විශ්වාසභංගය : 'ශ්‍රීලනිපය තවමත් තීරණයක් ගෙන නැහැ'

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ලෝක වනාන්තර දිනය නිමිත්තෙන් මට්ටක්කුලිය කාක දූපතේ පැවැති වන වගා වැඩ සටහනකට ඊයේ (21දා) සහභාගි වෙමිනි.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් රටට හා ජනතාවට හිතකර තින්දුවක් ගනු ඇති බවට විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය.

සහාය දීම හෝ නොදීම ඉන් පසුවයි.- ජෝන්

මේ අතර ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා ද පැවසුයේ, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ද විපක්‍ෂය විසින් ගෙන එන ලද විශ්වාස භංගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් තීරණයක් ගෙන නැති බවයි.

විශ්වාස භංගයට සහාය දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්චා කර තීරණයක් ගන්නා බවද ඇමතිවරයා සදහන් කළේය.

මෙම විශ්වාස භංගය සම්බන්දයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර ඒ ගැන විධිමත් ලෙස අධ්‍යනය කල යුතු යයි ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

 DumindaDisanayake 670px 16 02 18

විශ්වාස භංගයට මම විරුද්ධයි' - ශ්‍රීලනිප මහ ලේකම්

 කෙසේවුවද ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසන්නේ, ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට සැරසෙන විශ්වාස භංග යෝජනාවට තමන් තරයේ විරුද්ධ බවයි.

එය තමන්ගේ පෞද්ගලික මතය විනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවන බව අවධාරණය කරන ඇමතිවරයා, අදාළ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් කිසිදු තීරණයකට එළැඹ නැති බවත් 'බීබීසී සිංහල සේවය'ට පැවසීය.

විශ්වාස භංග යෝජනාව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර "විරසකයක් ඇති කිරීමේ" සහ "ජාතික ආණ්ඩුව විනාශ කිරීමේ" කුමන්ත්‍රණයක් බවද ඔහු අවධාරණය කර සිටියි.

 සබැඳි පුවත් :

'විශ්වාසභංගයට මම විරුද්ධයි' -ශ්‍රීලනිප මහ ලේකම්

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top