Sathosa

Mar 22, 2018

''හම්පඩ නායකයන් එපා'' - නන්දන දිව්රුම් දෙමින් කියයි (වීඩියෝ)

එක්සත් ජාතික පක්‍ෂයට උවමනා වන්නේ හම්පඩ නායකත්වයක් නොව තරුණ නායකත්වයක් යයි එම පක්‍ෂයේ පානදුර ආසන සංවිධායක නන්දන ගුණතිලක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් පානදුර නගර සභාවට හා ප්‍රදේශිය සභාවට පත් වූ මන්ත්‍රිවරුන්ගේ දිවුරුම් දුන් උත්සවය අමතමිනි.

එජාප නායකයා මුණ ගැසීමට තමන් අවුරුද්දක කාලයක් තිස්සේ උත්සාහ කලද තවම නොහැකි වූ බවද ඔහු කියා සිටියේය.

මෙම අවස්ථාව සදහා රාජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතාද සහභාගී වී සිටියේය.

වහාම පක්ෂයේ මහ ලේකම් ලෙස 'සිරීකෝත'ට පුර්ණ කාලීන අයකු පත් කරන්නැයි බලකර සිටි නන්දන ගුණතිලක මහතා, පුළුවන් නම් හෙට තමාව සංවිධායක ධුරයෙන් ඉවත්කර එවන්නැයි ද අභියෝග කර සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top