Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 09, 2016

සමාජ ජාලා මෙහෙයුම මංගලට හා හරින්ට !

ආණ්‌ඩුව සම්බන්ධව ජනමාධ්‍යයේ හැසිරීම ඊයේ (08) පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී දැඩි ලෙස විවේචනයට ලක්‌වී ඇති අතර, එම අභියෝගයට මුහුණදීම සඳහා ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන කමිටුවකට වගකීම් භාරදී තිබේ.

සමාජ ජාලා වෙබ් අඩවි සම්බන්ධව සොයා බලා කටයුතු කිරීම එහිදී මංගල සමරවීර, හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ට පවරා තිබේ.

බොහෝ ජනමාධ්‍ය ඒකපාර්ශ්විකව කටයුතු කරන බවත් ආණ්‌ඩුව සිදුකරන හොඳ වැඩපිළිබඳව ප්‍රසිද්ධිය ලබාදීම අවම මට්‌ටමක පවතින බවත් එම රැස්වීමේදී ප්‍රකාශවී ඇත.

ජනමාධ්‍ය හැසිරෙන ආකාරය පිළිබඳ නොසිතා තම කටයුතු නිසි පරිදි පවත්වාගෙන යන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එහිදී උපදෙස්‌ දී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top