Mar 29, 2018

FB හි Partner Categories අවලංගු කරයි Featured

Facebook සමාජ ජාල අඩවියෙහි Partner Categories යනුවෙන් වර්ගීකරණය කොට ඇති දැන්වීම් ප්‍රචාරණ ක්‍රමවේදය අවලංගු කරන බව Facebook ආයතනය පවසයි.

මිල දී ගැනීමේ ක්‍රියාවලිය වැනි මාර්ග අපගත දත්ත එක්රැස් කර තම සේවා ලාභීන්ට සැපයීමට Experian සහ Acxiom වැනි ප්‍රමුඛ පෙළේ තෙවැනි පාර්ශ්වකාර ආයතනවලට මෙම ප්‍රචාරණ ක්‍රමවේදයෙන් ඉඩ ලබා දුන්නේය.

Cambridge Analytica විසින් Facebook පරිශීලනය කරන්නන් මිලියන 50ක් දෙනාගේ පෞද්ගලික තොරතුරු සොරාගත් බවට චෝදනා එල්ල වීමෙන් පසුව මෙම අවලංගු කිරීම සිදු කර ඇත.

FB පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයේ වැඩිදියුණුවක්

තම දැන්වීම් ප්‍රචාරණ පහසුකම් අවභාවිතයට එරෙහිව Facebook ආයතනය ගත් තවත් එක් පියවරක් ලෙසින් මෙය සැලකේ.

ඉදිරි මාස හයක කාලයේදී ක්‍රම ක්‍රමයෙන් සිදු කරනු ලබන මෙම අවලංගු කිරීමෙන්, Facebook පරිශීලනය කරන්නන්ගේ පෞද්ගලිකත්වය වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇති බවට එම ආයතනය විශ්වාසය පළ කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top